ජපානයේ රැකියා වීසා වල විවිධ වර්ග
(Introducing the Different Types of Japan Work Visas)
ජපානයේ ඔබේ වෘත්තිය ජීවිතය ආරම්භ කිරීමේ පළමු පියවර වන්නේ රැකියාවක් ලබා ගැනීම පමණක් නොව රැකියා වීසා බලපත්‍රයක් (Work Visa) හෝ රැකියා බලපත්‍රයක් (Work permit) ලබාගෙන ජපානයේ වැඩ කිරීමට අවසර ලබා ගැනීමයි. මෙම ලිපියෙන් අපි ඔබට ජපානයේ රැකියා වීසා වර්ග සියල්ල සහ ඒ සඳහා සුදුසුකම් ලත් රැකියා සහ පවතින වීසා කාලසීමාව ගැන සාකච්ඡා කරනවා.
සියලුම ජපන් රැකියා වීසා වර්ග
ජපානය වීසා වර්ග 30කට අධික ප්‍රමාණයක් පිරිනමන අතර ඉන් 19ක් රැකියා වීසා වර්ගයට අයත් වේ. ජපානයේ වැඩ කිරීම සඳහා, ඔබට ඔබගේ රැකියා ක්ෂේත්‍රයට සහ රැකියා විෂය පථයට ගැලපෙන රැකියා වීසා බලපත්‍රයක් අවශ්‍ය වේ. පහතින්, අපි රැකියා වීසා වර්ග 19, සුදුසුකම් ලත් රැකියා සහ පවතින වීසා කාලසීමාව ගැන සාකච්ඡා කරමු.
01. Engineer / Specialist in Humanities / International Services
(技術・人文知識・国際業務 - Gijutsu・Jinbun Chishiki・Kokusai Gyoumu)
ජපානයේ භාවිතා කරන වඩාත් පොදු රැකියා වීසා වර්ගය මෙයයි. 2021 අවසානයේදී, ජපානයේ සිටින විදේශික පදිංචිකරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳ ආගමන සේවා ඒජන්සියේ වාර්ෂික සංඛ්‍යාලේඛනවලට අනුව ජපානයේ මෙම වීසා බලපත්‍රය දරන්නන් 274,740 ක් පමණ වෙනවා. එය permanent residents, special permanent residents, and technical interns පසුපසින් සිටින 4 වැනි වැඩිම නේවාසික තත්ත්වය වේ.
Eligible Occupations:
Engineer (including IT & software engineers), Designer, Writer, Translator, Interpreter, Mass Communication Job, Foreign Language Teacher (Eikaiwa, Foreign Language Schools), etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
02. Highly Skilled Professional
(高度専門職 - Koudo Senmonshoku)
2012 මැයි මාසයේදී ආරම්භ කරන ලද ඉහළ නිපුණතා සහිත වෘත්තිකයන්ගේ වීසා බලපත්‍රය, විදේශීය ඉහළ සුදුසුකම් සහිත වෘත්තිකයන් රට තුළට ගෙන්වා ගැනීම සඳහා හඳුන්වා දෙන ලදී. එය අධ්‍යාපනික/පර්යේෂණ සහ අධ්‍යයන පසුබිම, වෘත්තීය පළපුරුද්ද, වාර්ෂික ආදායම, ජපන් භාෂා හැකියාව සහ තවත් බොහෝ සාධක මත පදනම්ව ඒ ඒ අදාළ සුදුසුකම් මත ලකුණු ප්‍රදානය කරන ලකුණු සහිත වීසා ලබා දෙන ක්‍රමයකි. ඉහළ නිපුණතා සහිත වෘත්තීය වීසා බලපත්‍රයේ ඇති ලොකුම ප්‍රතිලාභය වන්නේ ස්ථිර පදිංචිය ලබා ගැනීමේ වේගවත් මාර්ගයක් වීමයි.
Available Duration:
1st Type: 5 years
2nd Type: Indefinite
(ඔබේ ලකුණු අනුව වසර 1 සිට අවුරුදු 3 දක්වා හෝ එකවර අවුරුදු 10 දක්වා වේ.)
03. Business Manager
(経営・管理 - Keiei・Kanri)
ජපානයේ ව්‍යාපාර කිරීමට උනන්දුවක් දක්වන විදේශීය ජාතිකයින් සඳහා, මෙම වීසා බලපත්‍රය සුදුසුකම් ඇති අයට ජපානයේ ව්‍යාපාර මෙහෙයුම්වලට සම්බන්ධ වීමට හෝ ව්‍යාපාරයක් පිහිටුවීමට පවා ඉඩ සලසයි. කෙසේ වෙතත්, මෙම වීසා බලපත්‍රය සඳහා බොහෝ නිර්ණායක සපුරාලීම තරමක් අපහසුය.
Eligible Occupations:
CEO, Company President, Company Director, Manager, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 4 months, 3 months
04. Intra-Company Transfer
(企業内転勤 - Kigyounai Tenkin)
මෙම වීසා බලපත්‍රය විශේෂයෙන් ජපනයේ පිහිටි ප්‍රධාන ආයතනයක, ජපානයෙන් පිටත වෙනත් රටවල පිහිටි එම ආයතනයේම ශාඛා වල සේවය කරන සේවකයින්ට ජපානයේ ප්‍රධාන ආයතනයට සේවකය මාරු කිරීම සඳහා වන වීසා බලපත්‍රයකි. ඒ අනුව, එය පුළුල් පරාසයක වෘත්තීන් ආවරණය කරයි.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
05. Journalism
(報道 - Houdou)
මෙම වීසා බලපත්‍රය විදේශ ප්‍රවෘත්ති සංස්ථාවක් විසින් ජපානය සඳහා එවනු ලබන මාධ්‍යවේදීන් සහ අදාළ පුවත් සම්බන්ධ පුද්ගලයින් සඳහා වේ.
Eligible Occupations:
Newspaper journalist, magazine journalist, news cameraman, newscaster, news photographer, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
06. Legal / Accounting Services
නීත්‍යානුකූලව සුදුසුකම් ලත් නීති වෘත්තිකයන් සහ ගිණුම්කරණ කටයුතු සඳහා වන වෘත්තිකයන් සඳහා වන වීසා බලපත්‍රයකි.
Eligible Occupations:
Lawyer, judicial / administrative scrivener, public / tax / certified accountant, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
07. Professor
(教授 - Kyouju)
මෙම වීසා බලපත්‍රය විශ්ව විද්‍යාලවල තනතුරු දරන උගත් මහාචාර්යවරුන් වෙනුවෙන් ඉලක්ක කර ඇත. මෙහි අවසාන ඉලක්කය වන්නේ ජපානයේ අධ්‍යයන පර්යේෂණ සහ කාර්ය සාධනය වැඩිදියුණු කිරීමයි.
Eligible Occupations:
University Professor, Lecturers, Assistant Professor, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
08. Instructor Visa
(教育 - Kyouiku)
ඉහත “Professor” හෝ ඉහත “Engineer / Specialist in Humanities / International Services” විදේශ භාෂා ගුරුවරු සමඟ පටලවා නොගත යුතුය. මෙම වීසා බලපත්‍රය තෘතියික නොවන අධ්‍යාපනික ගුරුවරුන් සඳහා වේ.
Eligible Occupations:
Teachers (including foreign language teachers) at elementary school, junior high school, high school, international school, special needs school, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
09. Researcher
(研究 - Kenkyuu)
මෙම වීසා බලපත්‍රය ජපානයට පැමිණෙන විදේශික පර්යේෂකයින් සඳහා වේතන සහිතව පර්යේෂණ පැවැත්වීම සඳහා වන වීසා බලපත්‍රයක් වේ.
Eligible Occupations:
Researcher at research facilities, government organizations, companies, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
10. Medical
(医療 - Iryou)
මෙම වීසා බලපත්‍රය අදාළ වන්නේ අදාළ වෛද්‍ය සුදුසුකම් සහිත වෛද්‍ය විශේෂඥයින්ට පමණි.
Eligible Occupations:
Medical doctor, surgeon, physiotherapist, psychologist, dentist, nurse, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
11. Nursing Care
(介護 - Kaigo)
ඉහත “Medical” සහ “nurse” සමඟ පටලවා නොගත යුතු අතර, මෙම වීසා බලපත්‍රය 2016 දී හඳුන්වා දී ඇති අතර ජපානයේ Care workersලගෙ හිඟතාව පියවා ගැනීමේ අවශ්‍යතාවයට විසඳුම් සෙවීම සඳහා 2017 දී ක්‍රියාත්මක කරන ලදි.
Eligible for Certified Care Workers only.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
12. Artist
(芸術 - Geijutsu)
මෙම වීසා බලපත්‍රය ඉලක්ක කර ඇත්තේ කලා කෘති නිර්මාණය කිරීමට සම්බන්ධ පුද්ගලයින් සඳහා වේ.
Eligible Occupations:
Photographer, composer, artist, sculptor, lyricist, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
13. Entertainment
(興行 - Kougyou)
ඉහත "Artist" සමඟ පටලවා නොගත යුතුය. මෙම වෘත්තීන් රංගනය සහ ආකෘති නිර්මාණය වැනි කාර්ය සාධනය මත පදනම් වේ. පවතින කාලසීමාව උපරිම වසර 3ක් සහ කෙටිම කාලසීමාව දින 15ක් සහිත අනෙකුත් වීසා වර්ගවලට වඩා කෙටි වේ. මෙම වීසා බලපත්‍රය ලෝක සංචාරවල ගායකයින්, විලාසිතා දැක්මවල් සඳහා මෙහි නිරූපිකාවන්, ක්‍රීඩා තරඟයකට තරඟ කිරීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්, චිත්‍රපට හෝ නාට්‍ය රූගත කිරීම් සඳහා නළුවන් යනාදිය සඳහා භාවිතා කරයි.
Eligible Occupations:
Dancer, singer, actor, model, musician, athlete, etc.
Available Duration:
3 years, 1 year, 6 months, 3 months, 15 days
14. Religious Activities
(宗教 Shuukyou)
පල්ලි , පන්සල්, සිද්ධස්ථාන ආදියෙහි මිෂනාරිවරුන් වැනි ආගමික පහසුකම්වල සේවය කිරීමට ජපානයට පැමිණෙන ආගමික සේවා සපයන්නන් පිළිගැනීම සඳහා මෙම වීසා බලපත්‍රය ක්‍රියාත්මක වේ.
Eligible Occupations:
Missionaries, monks, priests, bishops, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
15. Diplomacy
(外交 - Gaikou)
මෙම වීසා බලපත්‍රය විශේෂයෙන් ඔවුන්ගේ රටවල් වෙනුවෙන් නිල රාජ්‍යතාන්ත්‍රික හෝ කොන්සියුලර් දූත මණ්ඩලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් මෙන් එම වරප්‍රසාද භුක්ති විඳින අනෙකුත් වැදගත් පුද්ගලයින් සඳහා අදාළ වේ. මෙයින් රාජ්‍ය තාන්ත්‍රිකයින්, රාජ්‍යතාන්ත්‍රික මුක්තිය වැනි විශේෂ වරප්‍රසාද භුක්ති විඳිති. (නිල බලපත්‍ර තහඩු සහිත මෝටර් රථ - රාජ්‍ය තාන්ත්‍රික වාහන උදාහරණ ලෙස දැක්විය හැකියි.)
Eligible Occupations:
Diplomat, Consulate Member, Head of State, Minister, etc. and their family members
Available Duration:
Length of mission
16. Official / Government Business
(公用 - Kouyou)
Easily confused with “Diplomacy” visa, this type of visa is more for support staff.
Eligible Occupations:
Diplomat Accompanying Staff, Embassy Staff, Consulate Staff, International Organization Japan Office Staff, etc. and their family members.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months, 30 days, 15 days
17. Skilled Labour
(技能 - Ginou)
මෙම වීසා බලපත්‍රය විදේශ රටවලින් පැමිණෙන පුහුණු ශ්‍රමිකයන් සඳහා වේ. ප්‍රධානම දෙය වන්නේ අදාළ නිපුණතාවන් රටට අනන්‍ය හෝ ජපානයේ ලබාගැනීමට අපහසු විය යුතුය යන කරුනයි.
Eligible Occupations:
Foreign cuisine chef, pilot, craftsman, foreign product technician/repairman, foreign design architecture / civil engineer, sommelier, animal trainer, sports trainer, etc.
Available Duration:
5 years, 3 years, 1 year, 3 months
18. Specified Skilled Worker - SSW
(特定技能 - Tokutei Ginou)
2019 අප්‍රේල් මාසයේ සිට, ජපානයේ දැඩි ශ්‍රම හිඟයකට මුහුණ දෙන ඇතැම් කර්මාන්ත සඳහා උපකාර කිරීම සඳහා නිශ්චිත පුහුණු සේවක වීසා බලපත්‍රය හඳුන්වා දෙන ලදී. ජපානයේ නිශ්චිත පුහුණු සේවකයෙකු වීමට මූලික ජපන් භාෂා කුසලතා සහ අදාළ කර්මාන්තයේ තාක්ෂණික නිපුණතා පරීක්ෂණ දැනුම අවශ්‍ය වේ. මෙය ක්ෂේත්‍ර 12ක් යටතේ වන රැකියාගත තත්වයකි.
Eligible Occupations:
3) Nursing care
2) Building cleaning
3) manufacturing industry for materials, industrial machinery, electrical and electronic information
4) Construction
5) Shipbuilding and marine machinery industry
6) Automobile maintenance & repair
7) Aviation
8) Accommodation
9) Agriculture
10) Fisheries
11) Food and beverage manufacturing industry
12) Food Service industry
Available in Sri Lanka:
- Nursing care
- Agriculture
- Food Service industry
Available Duration:
- 1st Type: 1 year
- 2nd Type: 3 years, 1 year, 6 months
19. Technical Intern Training
(技能実習 - Ginou Jishuu)
මෙම වීසා බලපත්‍රය ජපානයේ තාක්ෂණික සීමාවාසික පුහුණු වැඩසටහනට ඇතුළත් වූ සීමාවාසිකයින් සඳහා විශේෂයෙන් වේ. සංවර්ධනය වෙමින් පවතින රටවලින් සහභාගිවන්නන්ට ජපන් සංගතවලින් තාක්ෂණික දැනුම සහ කුසලතා වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ මව් රටවලට ලබා නොදිය හැකි හොඳ විශේෂ නිපුණතාමය හැකියාවන් ගොඩනංවා උපකාර කිරීම සඳහා එවැනි දැනුම සහ කුසලතා නැවත මව්රටට ගෙන යාම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. ඒ වෙනුවට, ජපානය වටිනා ශ්‍රම බලකායන් වෙත ප්‍රවේශය ලබා ගන්නා අතර වඩා හොඳ ජාත්‍යන්තර සබඳතා ගොඩනඟා ගනී.
Eligible for Technical Interns enrolled in the Program only. (වැඩසටහනට ලියාපදිංචි වූ තාක්ෂණික සීමාවාසිකයින් සඳහා පමණක් සුදුසුකම් ලබයි.)
Available Duration:
1 year, 6 months, period less than 1 year
____________________
Full time (පූර්ණ කාලීනව) රැකියාව කරන අයට Part time (අර්ධකාලීන) රැකියා කිරීමේ හැකියාවක් නොමැත. ජපානයේ නීතියට අනුව එය දඬුවම් ලැබිය හැකි වරදකි. (Designated Activities)
____________________
රැකියා නොවන වීසා සඳහා වැඩ කිරීමට අවසර:
ඔබ රැකියා වීසා බලපත්‍රයක් මත නොමැති නිසා ඔබට වැඩ කිරීම සපුරා තහනම් බව අදහස් නොවේ. ඔබට නිවැරදි අවසරය තිබේ නම් (ඒ සඳහා ඔබට වෙනම අයදුම්පතක් පිරවීමට සිදු විය හැක), ඔබට වැඩ කිරීමට අවසර ඇති අනෙකුත් වීසා බලපත්‍ර මේවාය.
01. ජාත්‍යන්තර ශිෂ්‍ය - 留学生 (සතියකට පැය 28ක සීමාවට යටත්ව)
02. Dependent / Family Stay - 家族滞在 (වැඩ කරන පැය සීමාව සමඟ)
03. Spouse or Child of Japanese National - 日本人の配偶者等
04. Spouse of Permanent Resident - 永住者の配偶者
05. Long-Term Resident 定住者
06. Designated Activities 特定活動 (depends on activity, for example working holiday visa)
ජපානයේ ඔබේ වෘත්තිය ආරම්භ කිරීමට එක් ක්‍රමයක් නම් වීසා අනුග්‍රහය ලබා දෙන රැකියාවක් ලබා ගැනීමයි. ඔබගේ රැකියා පිරිනැමීම මත පදනම්ව (කුමන ක්ෂේත්‍රයද සහ ඔබගේ රැකියා විෂය පථය), ඉහත ලැයිස්තුගත කර ඇති බොහෝ රැකියා වීසා වලින් එකක් ඔබට ලබා ගත හැකියි.
මෙම ලිපියේ වීසා තොරතුරු විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ජපානයේ ආගමන සේවා නියෝජිතායතනය ඇතුළු නිල මූලාශ්‍රවලින් ලබාගෙන ඇත . අපැහැදිලි නම්, කරුණාකර අදාළ වෙබ් අඩවි පරීක්ෂා කරන්න.
- ජපානයේ සියලුම වීසා වර්ග බැලීම සඳහා : Click this...
0 Comments