වෛද්‍ය සේවා වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැක්කේ අයදුම්කරු ජපානයේ තම වෘත්තිය කරගෙන යාමට නීත්‍යානුකූලව සහතික කර තිබීමයි . මේ අනුව, උදාහරණයක් ලෙස, එක්සත් ජනපදයේ හෝ ඕස්ට්‍රේලියාවේ හෝ ලංකාවේ හෝ වෛද්‍ය වපසරිය ප්‍රගුණ කිරීමට සුදුසුකම් ලැබීම ජපාන වෛද්‍ය සේවා වීසා බලපත්‍රයක් ලබා ගැනීමට සුදුසුකමක් නොවේ.
මෙය ජපන් නීතිය යටතේ පිළිගත් වෛද්‍ය වෘත්තීය සුදුසුකම් ඇති අයදුම්කරුවන් සඳහා ඉතා නිශ්චිත රැකියා වීසා කාණ්ඩයකි.
මෙම වීසා ප්‍රවර්ගය භාවිතා කළ හැකි අයදුම්කරුවන්ගේ පුළුල් කාණ්ඩ දෙකක් ඇත:
01. ජපානයේ අධ්‍යාපනය ලබා අදාළ ජපන් වෘත්තීය ආයතනයෙන් දේශීය ජපන් සුදුසුකමක් ලබා ඇති අයදුම්කරුවන්.
02. විදේශීය වෘත්තීය සුදුසුකමක් ඇති අයදුම්කරුවන් සහ ජපානයේ අදාළ වෘත්තීය ආයතනයෙන් එම විදේශීය සුදුසුකම පිළිබඳ පිළිගැනීම ලබාගෙන ඇති අයදුම්කරුවන්.
පිළිගත හැකි සුදුසුකම් ලැයිස්තුවට ඇතුළත් වන්නේ:
- වෛද්‍යවරයා
- දන්ත වෛද්‍යවරයා
- ඖෂධවේදියෙක්
- මහජන සෞඛ්‍ය හෙදියක් (hokenshi)
- උපත් සහකාර (josanshi)
- ලියාපදිංචි හෙද නිළධාරී
- සහකාර හෙද නිළධාරී
- දන්ත සෞඛ්‍යාරක්ෂක (shika - eiseishi)
- X-ray කාර්මික
- භෞත චිකිත්සක (rigakuryouhoushi)
- වෘත්තීය චිකිත්සක (sagyouryouhoushi)
- අක්ෂි විශේෂඥ (shinoukunrenshi)
- සායනික කාර්මික (rinshoukougakugishi)
- කෘතිම අත් පා කාර්මික (gishisougushi)
දැනට මෙම SOR කාණ්ඩයෙන් බැහැර කර ඇති ලැස්තුව වන්නේ:
- Caregiver.
- Social Welfare Worker.
- Home Helper.
- Acupuncturists.
සමහර අවස්ථාවල වෛද්‍ය සේවා වීසා බලපත්‍රය අයදුම්කරුට ජපානයේ අභ්‍යාසලාභියෙකු ලෙස සේවය කිරීමට පමණක් අවසර දෙයි. එවැනි අවස්ථාවන්හිදී, අයදුම්කරු ජපානයේදී ඔවුන්ගේ සුදුසුකම් ලැබීමෙන් පසු නියමිත කාල සීමාවක් තුළ පුහුණුව ලැබීම අවශ්‍යතාවයක් විය හැකිය.
එනිසා අයදුම්කරුවෙකු ජපන් නියාමනයට යටත් නීති මගින් සුදුසුකම් ලබා තිබීම වැදගත් වේ.
රැඳී සිටීමේ කාල සීමාව කොපමණ වේද?
- මාස 3 හෝ වසර 1 හෝ වසර 3 හෝ වසර 5 හෝ ආදී වශයෙන් වේ.
Dependent ගෙන්වා ගත හැකිද?
- කාලාත්‍රයා සහ දරුවන් ගෙන්වා ගත හැකියි.
මේ පිළිබඳව වැඩි දුරටත් කතා කිරීමට බලාපොරොත්තු නොවන බැවින් ජපානයේ ආගමන විගමන කාර්යාංශය හරහා වඩාත් පැහැදිලි අවශ්‍යතා දැන හඳුනා ගැනීම වඩාත් සුදුසු බව නිර්දේශ කරනවා.
0 Comments