SSW කියන්නෙ මොකක්ද? | SSW VISA | SPECIFIED SKILLED WORKER


      ජපානයේ අඛණ්ඩ ආර්ථික වර්ධනය සමඟ හවුල් වූ ජනවිකාස වෙනස්කම් ශ්‍රම බලකායේ වැඩි වීමක් ඉල්ලා සිටියද එය පියවා ගැනීමට රට තුළ අවශ්‍ය තරම් ශ්‍රමිකයන් පියවා ගැනීමට හැකියාවක් නැතිවිය. මෙම වැඩිවන ඉල්ලුම සමඟ පුහුණු ශ්‍රමිකයන්ව විදේශ රටවලින් සෘජුවම ජපානය තුළ රැකියා ගත කිරීමට අවශ්‍ය විය. 

     මේ පිළිබඳව තවදුරටත් ජපානයෙ මානව සම්පත් අංශය හරහා ලැබුණු තල්ලුවත් සමග ජපානයේ ආර්ථිකය පවත්වා ගැනීම සහ ඉදිරියට ගෙන යාම අරමුණු කරගත්, හිටපු අගමැති ෂින්සෝ අබේ මහතාගේ Abenomics නම් ආර්ථික වැඩසටහනට අනුකූලව, කර්මාන්ත කිහිපයක ශ්‍රම හිඟයේ වැඩෙන පීඩනය ඇතුළු ආර්ථික ගැටලු විසඳීම සඳහා ප්‍රතිපත්ති මාලාවක් යෝජනා කෙරේ. ප්‍රශ්නය සමනය කිරීමේ එක් ප්‍රයත්නයක් වන්නේ කාන්තාවන් සහ ජ්‍යෙෂ්ඨයින් වැඩි වශයෙන් පිළිගැනීම මෙන්ම මෙම කර්මාන්තවල පුහුණු විදේශීය ශ්‍රමිකයන් සඳහා වැඩි ඉඩකඩක් විවෘත කිරීමයි.

   එහි ප්‍රතිඵලයක් වශයෙන් ජපානය විසින් 2019 අප්‍රේල් මාසයේ දී විශේෂිත නිපුණතා සේවක (SSW) නව වීසා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන ලදි.

     එයි විදේශීය ශ්‍රමිකයින් සඳහා, මෙම ඉලක්කය නිශ්චිත පුහුණු සේවක වීසා බලපත්‍රය හරහා සැබෑ කර ඇත. නිශ්චිත පුහුණු සේවක වීසා යනු නව නේවාසික වීසා වර්ගයක් වන අතර එය විශේෂයෙන්ම කර්මාන්ත 14ක් ඉලක්ක කර ගනිමින් ප්‍රමාණවත් ශ්‍රම බලකායක් නොමැති වීමේ ප්‍රශ්නය සමනය කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස වැඩි විදේශීය ශ්‍රමිකයින් පිරිසක් රට තුළ රැකියා කිරීමට ඉඩ සලසා දෙනු ලබයි. 

     නමුත් මේ වන විට එම ක්ෂේත්‍ර 14හි තිබූ ක්ෂේත්‍ර කිහිපයක් එකට ඈඳා, ක්ෂ්‍රේත්‍ර 12ක් ලෙස මේ වන විට SSW ක්‍රියාත්මක වේ. මෙයට හේතුව වනුයේ කලින් වෙන වෙනම තිබූ "යන්ත්‍ර කොටස් සහ මෙවලම් කර්මාන්ත", "කාර්මික යන්ත්‍රෝපකරණ කර්මාන්තය", "විදුලි, ඉලෙක්ට්‍රොනික සහ තොරතුරු කර්මාන්ත" යනාදිය එක් ක්ෂේත්‍රයකට ඒකාබද්ධ වීමයි.


Specified Skilled Worker Visa Types 

නිශ්චිත පුහුණු සේවක වීසා types දෙකක් ඇත. එනම්:

  • SSW 1
  • SSW 2
මෙහි සඳහන් SSW1 types එක නියම කර ඇති සියලුම කර්මාන්ත සඳහා අදාළ වේ. දෙවනියට සඳහන් SSW 2 කියන types එක මුල් කාලීනව කර්මාන්ත කියපයකට පමණක් විවෘත උවත් ඉතාමත් මෑතකදි සියලුම කර්මාන්ත සඳහා විවෘත විය (Care Worker හැර - මේ පිළිබඳව ඉදිරියෙදි කතා කරමු). 

මෙම වීසා බලපත්‍ර types දෙක, විශේෂයෙන් එහි වලංගු කාලසීමාව සහ ඒ යටතේ පිළිබඳ ප්‍රතිලාභ සහ ප්‍රතිපාදන මත බොහෝ වෙනස්කම් ඇත.


SSW1 - නිශ්චිත පුහුණු සේවක වීසා (i) යනු:
  • ජපානයේ තම රැකියාව ආරම්භ කරන සියලුම දෙනාට නිකුත් කරන මූලික වීසා බලපත්‍රයයි. වීසා බලපත්‍රය උපරිම වශයෙන් වසර පහක් පවතින අතර එය වසරකට වරක් වීසා අලුත් කළ යුතුය. එය දරන්නාට ජපානයේ නේවාසික තත්වයක් ලබා දෙයි. කෙසේ වෙතත්, මේ types එකේදි ඔබට යැපෙන්නන් ජපානය තුළට ගෙන්වා ගත නොහැකියි (කාලාත්‍රයා/දරුවන්). එමෙන්ම ජපානයෙ PR/ස්තිර පදිංචි තත්වය ඉල්ලුම් කිරීමටද හැකියාවක් නොමැත.

SSW2 - න්ශ්චිත පුහුණු සේවක (ii) යනු:
  • දෙවන වර්ගයේ නිශ්චිත පුහුණු සේවක වීසා බලපත්‍රය ssw1 වඩා වෙනස් වන්නේ වීසා බලපත්‍රයේ වලංගුභාවය අවිනිශ්චිත වන අතර සෑම වසර 3 කට වරක් හෝ වාර්ෂිකව හෝ සෑම මාස හයකට වරක් හෝ අලුත් කළ හැකි ආකාරයටයට පැවතීමයි. එපමණක් නොව, රට තුළ සිටින පවුලේ (කාලාත්‍රයා/දරුවන් පමණයි) සාමාජිකයන් රැගෙන ඒමට අවසර ඇත. ඒ වගේම ජපානයේ වසර පහක් හෝ ඊට වැඩි කාලයක් (බොහෝ විට වසර 10ක්) සේවය කර නැවතී සිටීමෙන් පසු ඔබට ස්ථිර පදිංචිය සඳහා ඉල්ලුම් කළ හැකියි.

නමුත් Care Worker Category එකෙන් එන පුද්ගලයෙක්ට අවුරුදු 3ක් ගෙවී ගිය පසු Care Worker National Examination - 介護福祉士国家試験 එක කිරීමෙන් පසුව Care worker license - 介護福祉士免許 එක ලබා ගැනීමෙන් පසුව ඔබට Nursing care work visa type එකට මාරු විය හැකියි.


SSW ලංකාවට අදාළව ගත් විට පෙර පැවති සහ මේ වන විට පවතින තත්ත්වය.

     SSW හඳුන්වා දුන් මුල් කාලයේදී SSW සඳහාම අදාළ exam ටික කරන්න ඒ වන විට දීලා තියන රටකට ගිහින් කරලා එන්න වුනා. එනිසා SSW හඳුන්වා දුන් මුල් කාලයේදී ඒ සඳහා අවශ්‍ය පහසුකම් ඉතාමත් අඩු වශයෙනුයි තිබ්බේ. අවුරුදු 5න් පස්සේ වීසා ඉවර වෙනවා සහ කාලාත්‍රයන් ගෙන්වගන්න හෝ PR ඉල්ලන්න හැකියාවක් නැතිවීම වගේ කාරණා නිසා ලංකාවෙන් කවුරුවත් යන්න ඒ වන විට කැමැති උනේ නැහැ. ඒ වගේම ලංකාවෙන් යැවීමට agencies වලට අවශ්‍ය තරමින් රැකියා පුරප්පාඩු ලැබී තිබ්බේ ද නැහැ. ඒ වන විට රජයෙන් සාධනීය අවධානයක් යොමුවෙලා තිබුනෙත් නැහැ. පසුකාලීනව ජපන් රජය විසින් 2021 නොවැම්බර - දෙසැම්බර් අතර කාලය තුළදී නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ SSW Visa සඳහා තිබෙන නීතිරීති වල සංශෝධනයක් කිරීමට නියමිතයි යන වග. ඒත් එක්කම ලංකාවට exam කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙනවා කියන සුබ ආරංචියත් ලැබෙනවා. පොරොන්දු වුනා වගේම ජපානයෙන් 2022 වසරෙ ජනවාරි මස අගත් පෙබරවාරි මුලත් අතර කාලය අතරතුර ක්ෂේත්‍ර දෙකක් සඳහා ලංකාවේ ඉදන්ම exam කරන්න අවශ්‍ය පහසුකම් සපයලා දුන්නා. 2022 ජූලි වන විට තව එක් ක්ෂේත්‍රයක් සඳහා ලංකාවේ ඉඳන් exam කරන්න අවස්තාව හදලා දුන්නා. 

     SSW2 කියන type එක කලින් ක්ෂේත්‍ර 14න් ක්ෂේත්‍ර 2කට වගේ පමණයි විවෘත වෙලා තිබුණෙ. නමුත් 2023 අප්‍රේල් 24 ජපානෙන් නිවේදනයක් කරනවා care giver හැර අනිත් හැම ක්ෂේත්‍රයටම SSW1 එකෙන් ඇවිත් වසර 5ක් අවසන් වීමෙන් පසුව SSW2 වලට මාරු වෙන්න පුලුවන් කියන සුබ ආරංචිය ලබා දුන්නා. නමුත් මෙය සුබ ආරංචියක් වුනත් මෑතක් වෙනකල්ම සම්මත වෙලා තිබුනෙ නැහැ. 2023 ජුනි මාසයේදී මේ පිළිබඳව නිළ වශයෙන් සම්මත කරව්වා. ඒ එක්කම Care Worker (Care worker national exam එක නිසා) හැර අනෙක් සියලුම ක්ෂේත්‍ර (ක්ෂේත්‍ර 11කට) සියල්ලටම SSW2 විවෘත කරව්වා. නමුත් SSW2 ලබාගන්න පුලුවන්කම තියෙන්නෙ SSW1 එකෙන් ගියොත් විතරයි.


නිශ්චිත පුහුණු සේවකයා යනු කවරෙක්ද?

     නිශ්චිත නිපුණතා සේවකයා යනු හුදෙක් තාක්‍ෂණික කුසලතා මෙන්ම ජපන් භාෂාවෙන් සන්නිවේදන කුසලතාද ඇති අයෙකු වන අතර ඔහු රැකියාවක් සෙවීමට සැලසුම් කරන නිශ්චිත කර්මාන්තයෙ වපසරිය පිළිබඳ දැනුමක් ඇති අයෙකි.

     නිශ්චිත පුහුණු සේවක වීසා බලපත්‍රයක් මගින් තෝරාගත් කර්මාන්තවල සේවය කිරීමට සුදුසුකම් ලැබීමට ඇති සාමාන්‍ය විධිවිධාන වලට අනුව අවම වශයෙන් අවුරුදු 18ක් වයසැති වීම සහ ඔවුන් තෝරා ගන්නා කර්මාන්තය විසින් නිකුත් කරන ලද නිපුණතා පරීක්ෂණ (Skill test) සහ ජපන් භාෂා ප්‍රවිණතා පරීක්ෂණය (JFT-Basic A2 මට්ටම හෝ JLPT N4 මට්ටම) සමත්වීම ඇතුළත් වේ.


SSW යටතේ තිබෙන නිශ්චිත කාර්යය සඳහා අදාළ ක්ෂේත්‍ර 12 මොනවාද?

Ministry of Health Labour and welfare
  • Nursing care
  • Building cleaning
Ministry of Economy, Trade and Industry 
  •  manufacturing industry for materials, industrial machinery, electrical and electronic information
(Machine Parts and Tooling Industries, Industrial Machinery Industry, Electric, Electronics and Information Industries)

Ministry of Land, Infrastructure, Transport and Tourism
  • Construction Industry 
  • Shipbuilding and marine machinery industry
  • Automobile maintenance & repair
  • Aviation Industry 
  • Accommodation Industry 
Ministry of Agriculture, Forestry and Fisheries 
  • Agriculture
  • Fisheries
  • Food and beverage manufacturing industry
  • Food Service industry

ශ්‍රී ලංකාවට මේ වන විට ලබා දී ඇති ක්ෂේත්‍ර මොනවාද?

  • Nursing care
  • Agriculture
  • Food Service industry
පමණයි.


අයදුම් කිරීමේ ක්‍රියාවලිය සහ ප්‍රතිලාභ

සියල්ලටම පෙර ඔබ ජපන් භාෂාව අධ්‍යයනය කර JFT විභාගය හෝ JLPT N4 සමත් විය යුතුයි. මෙය ඔබ තෝරගන්නා ක්ෂේත්‍රයට අදාළ නිපුණතා පරීක්ෂණය (Skill test) කිරීමට ගන්නා ඊළඟ පියවර වේ. ඔබ මෙම විභාග දෙකෙන් සමත් වූ පසු, ඔබට දැන් රැකියා සෙවීම ආරම්භ කර ජපානයේ ඔබව බඳවා ගැනීමට කැමති සේවා යෝජකයෙකු සමඟ සම්බන්ධ විය හැක. 

පසුව, ඔබව රැකියාගත කර ගැනීමට කැමති වූ පසු, ඔබේ සේවායෝජකයා ඔබ වෙනුවට සුදුසුකම් පිළිබඳ සහතිකයක් (COE) ගොනු කරනු කරනු ලබනවා. එය සැකසීමට මාස එකක් හෝ තුනක් ගතවනු ඇත. සුදුසුකම් පිළිබඳ සහතිකය (COE) ඔබ අතට පත් වූ පසුව, ඔබට වීසා සඳහා අයදුම් කිරීමට ජපන් කොන්සල් කාර්යාලය (ලංකාවෙ VFS ආයතනයට) වෙත යා හැක. වීසා නිකුත් කළ පසු, ඔබට ජපානය වෙත යා හැකිය.

ජපානයට පැමිණ ඔබ වැඩ ආරම්භ කිරීමට පෙර, ජපානය තුළ ඔබේ පදිංචි වීම සඳහා දිශානතින් කිහිපයකට සම්බන්ධ වනු ඇත. ඔවුන්ගේ සේවාවන් ඇතුළුව ඔබේ බැංකු ගිණුම විවෘත කිරීම්, ජංගම දුරකථන සම්බන්ධතා පිහිටුවීමට, ඔබට සුවපහසු ලෙස ජීවත් වීමට අවශ්‍ය ස්ථානයක් සහ රට තුළ වැඩ කිරීමට උපකාර වන ඔබේ ජපන් සහ වෙනත් උපදේශන වැඩිදියුණු කිරීමට උපකාර වෙයි.


ඔබ රැකියා ගත වී සිටින ආයතනය පිරිනමන සේවාවන්ට අමතරව මෙම වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමත් සමඟ ලැබෙන ප්‍රතිලාභ රැසක් ඇත. විශේෂයෙන්ම රැකියා ස්ථානයේ දී විදේශීය ශ්‍රමිකයින්ට අනෙකුත් ජපන් ශ්‍රමිකයන්ට සමාන වේතනයක් ලබා දෙනු ඇත. එපමනක් නොව, විදේශීය ශ්‍රමිකයින්ට නිශ්චිත කාලයක් සඳහා තම රටවලට ආපසු යා හැකි වැටුප් සහිත නිවාඩු විවේකයක් ද හිමි වේ.




මෙහිදී SSW Visa එක පිළිබඳව හඳුවා දීමක් පමණයි සිදු කරනු ලැබුවේ. මේ පිළිබඳව සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කරන ලද තොරතුරු ලබා ගැනීම සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න.

Click This... POSTING!




Arigatō (ありがとう)
DAISU 日本 .... ✍


අපගේ DAISU 日本 Face-Book Group එකට Join වීම සඳහා, Click this...


Post a Comment

0 Comments