IRODORI BOOK'S DOWNLOAD | JFT EXAME SYLLABUS | SSW VISA

 



මොකක්ද මේ ‌Irodori කියන්නෙ?

  • ජපන් රජය විසින් හඳුන්වා දුන් SSW Visa එක සඳහා, භාෂා ප්‍රවිණතාවය මැන බැලීම සඳහා ජපන් පදනම් ආයතනය විසින් SSW Visa එක සඳහාම හඳුන්වා දුන් භාෂා ප්‍රවිණතා විභාගයෙහි (JFT) විෂය නර්දේශ මාලාව Irodori නමින් හඳුන්වනු ලබනවා.
  • ජපන් පදනම් ආයතනය විසින් හඳුන්වා දුන් JFT හි විශය නිර්දේශය, ජපානයේ එදිනෙදා ප්‍රායෝගික සන්නිවේදන කටයුතු සහ රැකියා වල නියුතුවීමේදී අවශ්‍ය ජපන් භාෂාව හැසිරවීම මූලික කරගෙන ජපන් පදනම් ආයතනය විසින්ම සකස් කරන ලද විශය නිර්දේශයකි.
  • මෙය JFT (Japan Foundation Test) සඳහාම නිර්දේශිත සිලබස් එකයි. 

JFT කරන්න Irodori පොත් 03 පම‍ණක් ඉගෙන ගැනීම ප්‍රමාණවත් ද?

  •  Irodori විශය නිර්දේශය Starter, Elementary 1 සහ Elementary 2 විදිහට පොත් 03ක් හඳුන්වා දී තිබෙනවා. JFT විභාගයට පෙනී හිඳීම සඳහා මෙම පොත් තුන පමණක් ඉගෙනීම හොඳටම ප්‍රමාණවත් වේ. (මෙම විෂය නිර්දේශයට පිටින් කිසිවක් විභාගයේදී එන්නෙ නැහැ.)

Minna no Nihongo විශය නිර්දේශ N4 මට්ටමට ඉගෙනගෙන JFT කරන්න පුලුවන්ද?

  • ඒ සඳහා ඝෘජු නිර්දේශ කිරීමක් සිදු කළ නොහැකියි.
  • Minna no Nihongo විශය නිර්දේශය ගොඩක්ම න්‍යායාත්මක පැත්තට බරවෙද්දී Irodori විශය නිර්දේශය ගොඩක්ම ප්‍රායෝගික ජීවිතේ එදිනෙදා සන්නිවේදන කටයුතු අරමුණු කරගෙන නිර්මාණය වෙලා තියෙන්නෙ.
  • එනිසා Minna no Nihongo විෂය නිර්දේශය N4 මට්ටමට ඉගෙන ගත්තද නැවත වතාවක් JFT සඳහා පෙනී සිටීමට පෙර Irodori විෂය නිර්දේශය ඉගෙන ගැනීම සිදු කළ යුතුයි.


Irodori Syllabus එක සම්පූර්ණයෙන් ඉගෙන ගන්න කොපමණ කාලයක් ගත වෙනවාද?

  • විශය නිර්දේෂ පොත් 03හි එක් පොතක පාඩම් 18 බැගින් පාඩම් 54ක් තිබෙනවා. 
  • ජපන් පදනම් ආයතනයෙන් නිර්දේශ කර තිබෙන්නේ එක් පාඩමක් ඉගැන්වීමට පැය 4-5ත් අතර කාලයක් වැය කළ යුතුය යන්නයි.
  • නමුත් ප්‍රායෝගිකව ඒ ඒ පාඩම් විශ්ලේෂණාත්මකව ඉගෙන ගැනීම සඳහා ඊට වඩා කාලයක් ගත විය හැකියි.

Irodori Syllabus එක Self Study (තනියම ඉගෙන ගන්න) කරන්න පුළුවන් ද?

  • එය තීරණය වන්නේ ඔබේ හැකියාව මතයි. කැප කරන කාලය, උනන්දුව, මහන්සිය මත ප්‍රතිඵල ලබාගත හැකියි.


විශය නිර්දේශය මිලදී ගත හැක්කේ කෙසේද?

  • විශය නිර්දේශය පොත් වශයෙන් පොත් අලෙවිසැල් වලින් මිලදී ගැනීමට නැහැ. එයට හේතුව වන්නේ ලාභ අරමුණු කරගෙන පොත් මුද්‍රණය කර වෙළඳාම් කිරීමට හැකියාවක් නොමැති බැවින්.
  • කොහොම නමුත් මුද්‍රණ වියදම පමනක් ලබාගෙන පොත් මුද්‍රණය කර ලබා දිය හැකියි.

Irodori විෂය නිර්දේශය ලබා ගන්නේ කෙසේද?

  • JFT (Japanese Foundation Test) සඳහා අවශ්‍ය කරන විෂය නිර්දේශය (Syllabus) පහතින් ලබා ගන්න.
  • විෂය නිර්දේශයට අදාළ Irodori පොත් තුන (PDF 3) පහත  දැක්වෙන පොත් වල පිටකවර මත ටච් කිරීමෙන් හෝ ලබා දී ඇති ලින්ක් එක මගින් ඔබට Download කර ගැනීමට හැකියි. 
  • එමෙන්ම විශය නිර්දේශයට අදාළ listening කොටස් ටිකද ඔබට Download කර ගත හැකියි.


IRODORI BOOK'S


පළමු වන පොත - 入門


1 PDF - DOWNLOAD (151 MB) 





දෙවන පොත - 初級1


2 PDF - DOWNLOAD (70.5 MB) 


තුන්වෙනි පොත - 初級2

එයිට අමතරව පොත් තුනෙහිම එන වචන මාලාව, කන්ජි, ව්‍යාකරණ පාඩම් සහ Grammar work sheets, listening audio සියල්ලමත් JFT නිළ වෙබ් අඩවියේ Other materials කියන tab එකට ගොස් Download කරගන්න පුළුවන්කම ලැබෙනවා.

JFT Official වෙබ්සයිට් එකට යාමට Click this...


JFT Exam එක ගැන විස්තර දැන ගැනීම සඳහා: Click this...



Arigatō (ありがとう)
DAISU 日本 .... ✍


අපගේ DAISU 日本 Face Book Group එකට Join වීම සඳහා, Click this...


Post a Comment

0 Comments