ජපන් සිහිනය සෑබෑකරගන්න ඉන්න බොහෝ දෙනෙකුගෙ ගැටලුවක් තමයි මම කොහොමද ජපානෙට එන්නෙ? මම තෝරගන්න ඕනෙ වීසා වර්ගය මොකක්ද කියන එක ගැන.


ඉතිං අද අපි මේ ප්‍රශ්ණයට පිළිතුරක් වශයෙන් ජපන් යන්න තියෙන වීසා වර්ග සියල්ල ගැනම එකවර කතා කරමු.

ඔබ වීසා වර්ගයක් තෝරා ගැනීමේදි විශේෂයෙන්ම ඔබ සැලකිළිමත් විය යුතුයි, ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද සහ වීසා වර්ගයට අදාළ කොන්දේසි මොනවාද? ඒවා ඔබේ අවශ්‍යතා එක්ක සැසඳෙනවාද යන කාරණය පිළිබඳව.

ඔබට වියදම් කළ හැකි සීමාව, අධ්‍යාපනික සුදුසුකම් සහ අදාළ වෙනත් සුදුසුකම්, ක්ෂේත්‍ර පළපුරුද්ද, සුදුසුකම් ලත් වයස, ඔබේ අනාගත බලාපොරොත්තු, කාලය යනාදි වශයෙන් සියල්ල සැලකිල්ලට ගනිමින් ඔබට සුදුසුම වීසා වර්ගය කුමක්ද යන්න තෝරාගැනීම වඩාත් උචිතයි.


වීසා (ビザ Biza)

     වීසා යනු විශේෂිත හේතූන් මත ඔබට රටට ඇතුළු වීමට අවසර ඇති බව පෙන්වන ලේඛනයකි. වීසා බලපත්‍රයක් සාමාන්‍යයෙන් මුද්‍රණය කරනු ලබන්නේ විදේශ ගමන් බලපත්‍රයක් තුළය. ඔබට ජපානයට ඇතුළු වන විට ගුවන් තොටුපළේ ආගමන විගමන පිරික්සීම කරන විට එය සමත් වීමට පමණක් ඔබට ඔබේ වීසා අවශ්‍ය වනු ඇත. ඉන්පසු ඔබට එය රට තුළ වැඩ වලදී එතරම් අවශ්‍ය නොවේ. විදේශ කටයුතු අමාත්‍යාංශයේ බල ප්‍රදේශය යටතේ ජපන් තානාපති කාර්යාල (කොන්සියුලර් සේවා යටතේ) වීසා නිකුත් කරනු ලැබේ.


Status of Residence (在留資格 Zairyuu Shikaku)

     ජපානයේ පදිංචිකරුවෙකු ලෙස ඔබගේ තත්වය / සුදුසුකම වන්නේ Status of Residence එකයි. ඔබගේ පදිංචිය පිළිබඳ අනන්‍යතාවය, ඔබ සමඟ නිතර ළඟ තබා ගත යුතු අවශ්‍ය නේවාසික කාඩ්පතක් (在留カード Zairyuu Kaado) ආකාරයෙන් පැමිණේ. අවසාන වශයෙන්, අධිකරණ අමාත්‍යාංශයේ අධිකරණ බලය යටතේ පවතින ආගමන සේවා නියෝජිතායතනය මගින් පදිංචි තත්ත්වය (පදිංචි කාඩ්පත) නිකුත් කරනු ලැබේ .

වැදගත්: 

  • ඔබගේ Zairyu කාඩ්පත ඔබ සමඟ රැගෙන නොයාමෙන් යෙන් 200,000 දක්වා දඩයකට යටත් විය හැකියි.
  • පොලිස් නිලධාරියකු, ආගමන විගමන නිලධාරියකු හෝ වෙනත් නිලධාරියකුගේ ඉල්ලීම මත ඔබේ පදිංචි කාඩ්පත නොපෙන්වීම, යෙන් 200,000 දක්වා දඩයකට හෝ වසර 1 දක්වා සිර දඬුවමකට යටත් වීමට පවා හේතුවක් විය හැකියි.


  • ප්‍රධාන වශයෙන්ම ජපානයෙහි වීසා කාණ්ඩ දෙකක් තිබෙනවා.

01. Short term visa (කෙටි කාලීන වීසා)

සහ

02. Long term visa (දිගු කාලීන වීසා) යනුවෙන්.

අපි මේවාට අදාළ වීසා වර්ග මොනවාද යන්න පළමුවෙන් බලමු.


ජපානයෙහි වීසා කාණ්ඩ සහ වීසා වර්ග


01. Short term visa (කෙටි කාලීන වීසා)

                 නෑදෑයන් හිතවතුන් බැලීමට සහ කෙටි කාලීන ව්‍යාපාර ආදි ක්‍රියාකාරකම් මත පදනම්ව දින 15ක්, දින 30ක් හෝ දින 90ක් සඳහා කෙටි කාලීන වීසා බලපත්‍රයක් ලබා දෙනු ලැබේ. කෙසේ වෙතත්, මෙම කාල සීමාව තුළ ඔබට ආදායම් උපයා ගැනීම සඳහා වන ක්‍රියාකාරකම්වල නිරත විය නොහැකි අතර, උපරිම රැඳී සිටීමේ කාලය දින 90 ක් වන බැවින්, පදිංචි කාඩ්පතක් ද නිකුත් කරනු  නොලැබේ.


i. Tourist / Visit Visa.

      ජපානය තුළ නිවාඩුවක් ගත කරන්න, සංචාරය කරන්න, විශේෂයෙන්ම දෙමව්පියන්ව ජපානයට ගෙන්වගන්න, මිතුරන් හමුවෙන්න, ජපන් ආගන්තුක සත්කාර විඳින්න ආදි වශයෙන් වූ කෙටිකාලීන අවශ්‍යතා සපුරගන්න පුලුවන් (දින 90ක් ඇතුලත පමණි). මෙම වීසා එකෙන් ඇවිත් වෙනත් වීසා එකකට ජපානයේදී මාරු වෙන්න බැහැ, ඒ වගේම කිසිම විටෙක රැකියාවක් කිරීමේ හැකියාවද නැත.


ii. Business Visa.

      ජපානය තුළ ඔබේ ව්‍යාපාරික වැඩ කටයුත්තක් සපුරා ගැනීමේ අවශ්‍යතාවය මත මෙම වීසා වර්ගයෙන් ඔබට ජපානයට පැමිණිය හැකියි.


iii. Transit Visa.

      ඔබ තෝරාගත් වෙනත් රටකට ගමන් කිරන අවස්ථාවකදී ජපානය තුළදි ඒ අදාළ තෝරගත් රටට යන්න ගුවන් යානයකට මාරුවීම සඳහා මෙම වීසා බලපත්‍රයට ඉල්ලුම් කළ හැකියි. ඒ අතරතුර ඔබට ජපාන නැරඹීමට අවස්ථාවක්ද ලබා ගන්න පුලුවන්.

තවදුරටත් කියවන්න....


iv. Medical stay Visa.

      ඔබට ජපානයේ රෝහලකින් හෝ වෛද්‍ය පරීක්ෂණාගාරයකින් හෝ වෛද්‍ය සේවා පහසුකමක් ලබා ගැනීමට ජපානය තුළට පැමිණීමට අවශ්‍ය වේ නම් මෙම වීසා වර්ගය සඳහා ඔබට අයදුම් කළ හැකියි. රැකියාවක් කිරීමට ඉඩක් නැත.

තවදුරටත් කියවන්න....



02. Long term visa (දිගු කාලීන වීසා)

      දිගු කාලීන වීසා දින 90 සිට වැඩි කාලයක් රැඳී සිටීම සඳහා ලැබෙන වීසා කාණ්ඩයකි. වීසා වර්ගෙන් වර්ගයට රැඳී සිටීමේ කාල සීමාව වෙනස් විය හැකියි. වීසා වර්ගය අනුව රැකියා කිරීමේ හැකියාව හෝ සීමාවන් වෙනස් විය හැකියි.


i. Working Visa.

      ජපන් රටෙන් පියවා ගත නොහැකි ශ්‍රමිකයන් හෝ විදේශ රට වලින් නම් කරන ලද  අදාළ අංශ ඔස්සේ පියවා ගැනීම සඳහා මෙම වීසා බලපත්‍රය භාවිත කරයි. මෙහිදී නම් කරන ලද අංශ (types) ඔස්සේ අදාළ සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් සඳහා ඝෘජු රැකියා හෝ අදාළ අවස්ථා ලබා දීමට මෙමගින් කටයුතු කරයි. වසර 5ක් දක්වා වීසා ලැබේ. (Job visa / company visa ආදි වශයෙන් හඳුන්වනු ලබන්නේද මෙම වීසා වර්ගයටයි. නමුත් එය නිවැරදි හැඳින්වීමක් කිව නොහැකියි.)

  • Professor (Examples: university professor, assistant professor, assistant, etc.)
  • Artist (Examples: composers, songwriters, artists, sculptors, craftspeople, photographers, etc.)
  • Journalist (Examples: newspaper journalists, magazine journalists, editors, news cameramen, announcers, etc.)
  • Legal/Accounting services (Examples: attorneys, judicial scriveners, public accountants, tax accountants, etc. certified in Japan)
  • Medical services (Examples: physicians, dentists, pharmacists, nurses, etc. certified in Japan)
  • Researcher (Examples: researchers, investigators, etc. at research institutes, etc.)
  • Instructor (Examples: teachers, etc. at elementary schools, intermediate schools and high schools)
  • Entertainer (Examples: musicians, actors, singers, dancers, sportspeople, models, etc.)
  • Skilled labor (Examples: chefs specializing in the food of a foreign country, animal trainers, pilots, sports trainers, sommeliers, etc.)
  • Specified skilled worker - SSW (Work-ready foreign nationals who possess certain expertise and skills in certain industrial fields.)


තවදුරටත් කියවන්න....



ii. Highly skilled professional Visa.

       ඉහළ නිපුණතා සහිත විදේශීය වෘත්තිකයන් සඳහා ලබා දෙන වීසා වර්ගයකි. මේ සඳහා ප්‍රමාණත්වයෙන් ඉහළ සුදුසුකම් සපුරා ඇති අයවලුන් සඳහා මෙම වීසා වර්ගය ඉතාමත් සුදුසු වෙයි. මෙහි නම් කරන ලද වීසා බලපත්‍ර කාණ්ඩ 03ක්ද පවතී. (ලකුණු ක්‍රමවේදයක් යටතේ වීසා බලපත්‍රය සඳහා සුදුසුකම් හිමිවේ.)

තවදුරටත් කියවන්න....



iii. General Visa.

  •   Cultural activities visa.

      සීමාවාසික පුහුණු, ජපානයෙහි සංස්කෘතිකාංග (සංස්කෘතික කර්මාන්ත සහ උත්සව ආදියද ඇතුළුව) පිළිබඳව හැදෑරීම ස‍ඳහා ජපානයට පැමිණිය හැකි වීසා බලපත්‍රයකි. කෙසේ වෙතත් මෙම වීසා බලපත්‍රයෙන් පැමිණ රැකියාවක් සිදු කිරීමට හැකියාවක් නැත.

තවදුරටත් කියවන්න....


  •   Student visa.

      ජපනයෙහි අධ්‍යාපන ආයතන තුළින් තම අධ්‍යාපන කටයුතු සපුරා ගැනීමේ බලාපොරොත්තුවෙන් සිටින විදේශීය සිසුන් වෙනුවෙන් ජපානයට පැමිණ අධ්‍යාපනික කටයුතු සිදු කර ගැනීම සඳහා අවස්ථාව සලසා දෙන වීසා වර්ගයකි. (අදාළ සීමාවන් වලට යටත්ව රැකියා කිරීමේ හැකියාව ලැබේ.)


  •    Training visa / Technical internship 

      තම රටෙන් ලබාගත නොහැකි තාක්ෂණික සහ සීමාවාසික පුහුණු ජපානයට පැමිණ ලබා ගැනීම සඳහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සෙ අවස්ථාව සලසා දෙන වීසා බලපත්‍රයකි. රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකෙන්ම මේ සඳහා යා හැකියි. පුහුණු කාලසීමාව තුළ ගෙවීම්ද සිදු කරනු ලැබේ. වසර 3කින් පසුව SSW Visa වලටද මාරු විය හැකියි.

තවදුරටත් කියවන්න....


  •    Dependent (family stay) visa.

      දිගු කාලීන වීසා බලපත්‍රයකින් රැඳී සිටින පුද්ගලයෙකුගේ කාලාත්‍රයන් (බිරිඳ / සැමියා සහ දරුවන්) ජපානයට ගෙන්වා ගැනීම සඳහා මෙම වීසා බලපත්‍රය සඳහා ඉල්ලුම් කළ හැකියි. Part time රැකියා සිදු කළ හැකියි. (දෙමව්පියන්ව ගෙන්වා ගත නොහැකියි.)



iv. Specified Visa.


  •    Spouse or child of Japanese national.

      ජපන් ජාතිකයෙකුගේ කාලාත්‍රයාට (සැමියාට/බිරිදට සහ දරුවන්ට) මෙම වීසා වර්ගය ලබා ගත හැකියි.

තවදුරටත් කියවන්න....


  •   Spouse of permanent resident.

      ජපානයෙහි ස්ථීර පදිංචිය ලබාගත් පුද්ගලයෙකුගේ කාලාත්‍රයාට (සැමියා/බිරිඳ සහ දරුවන්ට) මෙම වීසා වර්ගය ලබා ගත හැකියි.


  •    Long term resident.

      ජපන් ජාතිකත්වයට අතීත උරුමකමක් තිබෙන ජපන් රටෙන් පිටත වෙනත් රටවල වාසය කරන පුද්ගලයින් සඳහා මෙම වීසා වර්ගය සඳහා ඉල්ලුම් කළ හැකියි.


  •    Designated activities.

      සීමාවාසික පුහුණු / ජපානයෙහි රැඳී සිටින රාජ්‍යතාන්ත්‍රික පුද්ගලයින් විසින් තම පුද්ගලික සේවයට යොදා ගන්නා විදේශීය පුද්ගලයින් සඳහා නම් කරන ලද කාර්යයන්හි පමණක් නිරතවීමට යටත්ව ලැබෙන වීසා බලපත්‍රයකි.


  •    Designated activities - long stay for sightseeing.

      ජපානය තුළ දර්ශණ නැරඹීමට සහ ගවේශණ, පර්යේෂණ ආදිය සිදු කිරීම සඳහා ජපානය තුළ දීර්ඝ කාලයක් රැඳී සිටීමට ඉඩප්‍රස්තාව සලසා දෙන වීසා වර්ගයකි. 



v. Start-up Visa.

       ජපාන රජය විසින් අනුමත කරන ලද ජපන් මහ නගර සභාවක් විසින් ව්‍යාපාර පවත්වගෙන යන ව්‍යවසායකයින්ට හෝ ව්‍යාපාරයක් අලුතෙන් ඇරඹීමට බලාපොරොත්තු වන ව්‍යවසායකයින්ට හෝ ව්‍යාපාරයක් ඇරඹීම සඳහා ඔව්න්ට සහ ඔව්න්ගේ පවුල් වල අයවලුන්ටද ජපානයට පැමිනීමට සහය දක්වන වීසා බලපත්‍ර වර්ගයකි. 



vi. Working Holiday Visa.



vii. Diplomatic Visa.

       රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල සාමාජිකයින්ට ඔවුන්ගේ දූත මෙහෙවරේ දිගටම අවශ්‍ය කාලයක් රැඳී සිටීම සඳහා නිකුත් කරන විශේෂිත වීසා බලපත්‍රයකි.



viii. Official Visa.

      ජපන් රජය විසින් පිළිගත් විදේශීය ආන්ඩු හෝ ජාත්‍යන්තර සංවිධානවල නිල ව්‍යාපාර හැසිරවීමට පැමිණෙන රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල වල පුද්ගලයින්ට හා ඔව්න්ගේ පවුලේ සාමාජිකයින්ටද, පරිපාලන සහ තාක්ෂණික කාර්යය නිළධාරීන් සහ ඔව්න්ට යටත් කාර්යමණ්ඩල නිළධාරීන් සහ සේවා කාර්යමණ්ඩල වල සාමාජිනයකයන් ආදි අයවලුන් සඳහා පමණක් නිකුත් කරනු ලබන වීසා වර්ගයකි. රැඳී සිටීමේ කාලය දින 15 සිට අවුරුදු පහ දක්වා වේ.



ix. Refugee.

       සරණාගත තත්වය ඉල්ලුම් කිරීම සඳහා මෙය භාවිත වේ. ගොඩක්දුරට මෙය visa එකක් විදිහට හඳුන්වනවාට වඩා සරණාගතබාවය පිළිබඳ states කිව්වොත් වඩාත් නිවැරදියි. මෙය බලාපොරොත්තුවෙන් ජපානයට නොපැමිණිය යුතුය යන්න විශේෂයෙන්ම මතක් කළ යුතුයි.




           
                මේ ආකාරයෙන් ජපානයට පැමිණීම සඳහා විවිධාකාරයේ අරමුණු ඉටු කර ගැනීම සඳහා විවිධ වූ කොන්දේසි නියමයන්ට යටත්ව වීසා බලපත්‍ර වර්ග ඔබට හඳුන්වා දී තිබෙනවා. එනිසා හරි අවබෝධයකින් යුතුව ඔබේ අවශ්‍යතාවයට ගැලපෙන වීසා කාණ්ඩය තෝරා ගැනීමට වගබලා ගන්න.



Arigatō (ありがとう)
DAISU 日本 .... ✍


අපගේ DAISU 日本 Face Book Group එකට Join වීම සඳහා, Click this...