ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන සමාගම්වලට ලොව පුරා විවිධ ස්ථානවල අනුබද්ධ ආයතන ඇත. සේවකයින් එක් තනතුරකින් තවත් තනතුරකට මාරු කළ හැකි අතර ජපානයෙන් මෙයට අවසර දීම සඳහා තමන්ගේම වීසා බලපත්‍රයක් ඇත. අභ්‍යන්තර සමාගම් මාරු වීසා බලපත්‍රය හරහා, විදේශීය සමාගමක සේවය කරන විදේශීය සේවකයින්ට සමාගම් අභ්‍යන්තර මාරුකරුවෙකු ලෙස ජපානයෙහි තිබෙන ආයතනයෙහි සේවය කිරීමට අවස්ථාව සැලසෙයි.
ජපානය තුළ ප්‍රධාන වශයෙන්ම COMPANY VISA යනුවෙන් අදහසක් කරන්නේ මේ Intra-transfer company visa එක ගැනයි. එනිසා ඔබ ජපානයට රැකියාවක් කිරීම සඳහා එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් Company visa යනුවෙන් ලංකාවෙදි හරියටම අදහස් කරන්නෙ කුමන වීසා වර්ගයද කියලා හරියටම දැනගත යුතුයි. සමහර වෙලාවට Job Visa යනුවෙනුත් හඳුවනවා.
Intra-Company Transferee Visa යනු කුමක්ද?
ජපන් භාෂා හැකියාව කෙතරම් දුරට තිබිය යුතුද?
- ජපානයෙ රැකියාවක් සඳහා භාෂා හැකියාව නොමැතිව උනත් යන්න පුලුවන් එකම රැකියාගත වීසා type එක කිව්වොත් නිවැරදියි. නමුත් මේ කාරණය රඳා පවතින්නේ ආයතනයේ කැමැත්ත මතයි. ආයතන ප්‍රධානියා ඔබෙන් භාෂා කුසලතාවක් බලාපොරොත්තු වෙන්නෙ නැතිනම් ගැටලුවක් නැහැ. අනිවාර්යයෙන් බලන අවස්ථාද තිබෙනවා.
- කොහොම නමුත් ජපානයේ එදිනෙදා වැඩ ටික කරගෙන යාමට පවා ජපන් භාෂා දැනුම අත්‍යවශ්‍යම වෙනවා. එනිසා කුමන වීසා බලපත්‍රය තෝරගත්තද ජපන් භාෂා දැනුමෙන් සන්නද්ධ විය යුතුය යන කාරණය නැවත නැවත මතක් කරලා දෙන්න කැමතී.
ආවරණය කරනු ලබන ක්‍රියාකාරකම් මොනවාද?
- Software and System Engineer
- Computer and Game programming
- IT Project Manager
- Automobile Engineer
- Bioengineer
- Accounting and Economic Analyst
- Financial Advisors
- Legal Businesses
- Human Resources Manager
- Foreign Language Experts/Teacher
- Translator/Interpreter
- Interior designer
- Copywriter
- Foreign negotiations
අන්තර් සමාගම් හුවමාරු වීසා සඳහා අයදුම් කිරීමේදී සලකා බැලිය යුතු කරුණු:
- සහභාගී වන වෘත්තීන් හෝ රාජකාරි - ඉංජිනේරු, මානව ශාස්ත්‍ර හෝ ජාත්‍යන්තර සේවා පිළිබඳ විශේෂඥයින් විය යුතුය.
- අපේක්ෂකයින්ට මව් සමාගමට අවම වශයෙන් වසරක කාලයක් රැකියාවේ නියුතු වී තිබිය යුතු අතර එම කාලය තුළ දරන තනතුර ඉහත කාණ්ඩ වලට යටත් විය යුතුය. (නමුත් සාමාන්‍යයෙන් යවන ක්‍රමවේදයේදී මෙම අවශ්‍යතාවය විකල්ප ක්‍රම භාවිත කරමින් පූරණය කර ගනී.)
- ව්‍යාපාර කළමනාකරණ කටයුතු මෙම වීසා බලපත්‍රයෙන් ආවරණය කළ නොහැක. එසේ ඒ වෙනුවට ''ව්‍යාපාර කළමනාකරණ වීසා බලපත්‍රය'' සඳහා අයදුම් කළ යුතුය.
- ජපානයට ගෙන්වා ගැනීමෙන් පසු, අයදුම්කරුවන්ට සමාන ක්‍ෂේත්‍රයකදී ජපන් වෘත්තිකයන්ට ලැබෙන ප්‍රමාණයට වඩා වැඩි හෝ ඉහළ වැටුපක් ගෙවිය යුතුය. ඇත්ත වශයෙන්ම, එය ඔබේ සමාගම සමඟ ඇති කරගත් කොන්ත්‍රාත්තුවේ ඇතුළත් විය යුතුය.
ඉල්ලුම් කිරීම සඳහා අවශ්‍ය ලියකියවිලි මොනවාද?
රැඳී සිටීමේ කාලය සහ නැවත ඇතුල්වීමේ බලපත්‍රය:
- අයදුම්කරු රැඳී සිටින කාලය සදහා වීසා කාලය ආගමන විගමන කාර්යාලයේ තීරණය යටතේ වෙනවා. අදාළ ආයතනයේ ආදායම සහ වෙනත් කරුණු මත එය තීරණය කරනු ලබනවා.
- කෙසේ වෙතත් සාමාන්‍යයෙන් වසරක කාලයකට වීසා ලැබෙනු ඇත. ඔබට ඔබගේ රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීමට අවශ්‍ය නම්, වීසා බලපත්‍රය කල් ඉකුත් වීමට පෙර ඔබට රැඳී සිටීමේ කාලය දීර්ඝ කිරීම සඳහා ලියාපදිංචි විය හැක.
- යම් පුද්ගලයෙකු ව්‍යාපාරික කටයුත්තක් සඳහා හෝ නිශ්චිත අවස්ථාවක් සඳහා ජපානයෙන් පිටව ගියහොත්, එම පුද්ගලයා ආගමන විගමන කාර්යාංශයට ගොස් නැවත ඇතුල්වීමේ බලපත්‍රයක් ගොනු කිරීමෙන් ඵලදායී ලෙස ජපානයට නැවත ඇතුළු වීමට අවසර ලැබේ.
- නමුත් වීසා බලපත්‍රය අවසන් වූ පසු ජපානයට නැවත ඇතුළු වීමට අවසර නොදේ. එම අවස්ථාවේ දී එම පුද්ගලයාට වීසා බලපත්‍රයක් සඳහා නැවත අයදුම් කිරීමට අවශ්‍ය වනු ඇත.
මෙම වීසා එකෙන් ඉද්දි Part time Jobs කරන්න පුලුවන්ද?
Intra-transfer company visa හරහා ලංකාවෙ රජයෙන් ජපානයෙ රැකියා සඳහා යවනවාද?
- නැහැ, පෞද්ගලික අංශයෙන් පමණයි යවන්නෙ. බොහෝ විට රජය හරහා යාමට හැකිවන්නේ training visa හෝ SSW Visa වලින් පමණයි.
වියදම කොපමණද?
- ඒ පිළිබඳව නිශ්චිත සඳහන් කීරීමක් කරන්න බැහැ. හේතුව තෝරගන්නා හෝ මැදිහත් වන ඒජන්සිවලින්/නියෝජිත ආයතන වලින් ඒ වෙනුවෙන් නීර්ණය කරන අයකිරීම් සාපේක්ෂව වෙනස් වීමයි. (ඇතැම්විට ලක්ෂ 25 - 35 අතර විය හැකි. මේ ගණන් වලට වඩා අඩු හෝ වැඩි වීමටද හැකියි.)
අදාළ ආයතනයෙන් ඉවත් වී වෙනත් ආයතනයකට රැකියාවක් කිරීම සඳහා ඉවත් විය හැකිද?
සැ.යු:
Engineer / Specialist in Humanities / International Services Visa සහ Intra-Company Transferee Visa යනු එක සමාන ලෙස පෙනුනද පැහැදිළිවම වීසා කාණ්ඩ දෙකක් යන වග පටලවා නොගත යුතුය.
0 Comments