ජපානය සඳහා යන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය සහ ජපානය තුළ ඉන්න අය දැනගත යුතුව විභාග කිහිපයක් ගැනයි මෙතනදි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ.
- ජපානය තුළදී අධ්‍යාපනික වැඩකටයුතු සඳහා ඇතුළත් වීමේදී හෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින කෙනෙකුට හෝ ස්වයං සංවර්ධනය හෝ යන කරුණු කාරණා වලදී තමන්ගේ අවශ්‍යතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා උපකාර වන හරිම Exam එක මොකක්ද කියන දේ ගැන දැනුවත්ව සිටීම ඉතාමත් වටින කාරණයක්.
- මෙහිදී සඳහන් කරන පරීක්ෂණ වල ප්‍රධානම අරමුණ වන්නෙ ජපානයට පැමිණි විට සහ රැකියා අවශ්‍ය සඳහා සන්නිවේදන කුසලතා වෛෂයිකව මැනීම සහ ඇගයීමයි. ස්වදේශික නොවන කථිකයන්ගේ භාෂාවේ ප්‍රවීණතාවය ඇගයීම සහ සහතික කිරීම මෙම භාෂා පරීක්ෂණ වල ප්‍රධාන මෙහෙවරක් වෙනවා.
- මෙම භාෂා පරීක්ෂණ විවිධ මට්ටම් වලට බෙදා ඒ ඒ මට්ටම් වලට අදාළව එන ප්‍රශ්ණ තරමක් වෙනස් වන නමුත් භාෂා දැනුම (අකුරු, වචන මාලාව සහ ව්‍යාකරණ), කියවීමේ අවබෝධය සහ සවන්දීමේ අවබෝධයෙන් සමන්විතව සැකසී තිබේ. එක් එක් ලකුණු කාණ්ඩයේ ලකුණු සහ මුළු ලකුණු මත පදනම්ව පරීක්ෂණ ප්‍රතිඵල සමත් හෝ අසමත් යන ආකාරයෙන් ප්‍රකාශයට පත් කෙරේ.
භාෂා පරීක්ෂණයක් තෝරා ගැනීමේදි සැළකිලිමත් විය යුතු කරුණු,
- විශේෂයෙන්ම ඔබ තෝරාගන්න්නා වීසා කාණ්ඩය / අධ්‍යාපනික ආයතනය / රැකියා ආයතනය / වෙනත්... ආදී වශයෙන් බලාපොරොත්තු වන සුදුසුකම් සපුරාලීම සඳහා තෝරාගත යුත්තේ කුමන භාෂා පරීක්ෂණයද යන්න විශේෂයෙන්ම සැළකිලිමත් විය යුතුයි.
තෝරා ගත හැකි භාෂා පරීක්ෂණ මොනවාද?
JAPANESE LANGUAGE
- JLPT - Japanese Language Proficiency Test
- JFT - Japanese Foundation Test (SSW Only)
වැඩිදුර කියවන්න, See more...
- NAT - Nihongo Ability Test
- JLCT - Japanese Language Capability Test
- TOP-J - Top Japanese test
- J-CAT - Japanese Computerized Adaptive Test
- STBJ - Standard Test For Business Japanese
- JPT - Japanese Proficiency Test
- J-TEST - Test of Practical Japanese
- EJU - Examination for Japanese Universities
ENGLISH LANGUAGE
- IELTS - International English Language Testing System
- PTE - Pearson Test of English
0 Comments