JPT කියන්නෙ මොකක්ද?
JPT යනු ජපානයේ ආගමන සේවා නියෝජිතායතනය විසින් පිළිගෙන ඇති ජපානයේ අධ්‍යාපන ආයතන වල වැඩිදුර අධ්‍යාපනය හැදෑරීම සඳහා මව් භාෂාව ජපන් භාෂාව නොවන පුද්ගලයින් ඉලක්ක කර ගෙන පවත්වනු ලබන සහතික කිරීම සඳහා වන පරීක්ෂණයකි. JPT පවත්වා ගෙන ගියේ ව්‍යාපාරික සහ දෛනික ජීවන තත්ත්වය ඇතුළුව සන්නිවේදන හැකියාව වෛෂයිකව මැනීමේ අරමුණිනි. JPT 1985 දී සංවර්ධනය කරන ලද අතර වසර 35 ක පමණ කාළයක් පැරණි වේ. JPT සතුව දකුණු කොරියාව, ජපානය, චීනය, තායිලන්තය, වියට්නාමය සහ ඉන්දුනීසියාව ආදී රටවල සිට මිලියන 1කට වඩා වැඩි අයදුම්කරුවන් මේ වන විට සිටී.
දැනට JPT පවත්වන රටවල් මොනවාද?
- ජපානය
- චීනය
- දකුණු කොරියාව
- තායිලන්තය
- වියට්නාමය
- ඉන්දුනීසියාව
(ලංකාවේදි මෙම විභාගය සඳා පෙනී සිටිය නොහැකියි. නමුත් ජපානයේ හෝ ඉහළින් නම් කරන රටක පුද්ගලයෙක්ට නම් මෙම විභාගය සඳහා පෙනී සිටිය හැකියි.)
JPT Exam Results භාවිතා කළ හැක්කේ මොනවාටද?
පුද්ගල සංවර්ධනයට සහ වැඩිදුර අධ්‍යාපනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා හෝ JPT හි උපරිම ලකුණු 990 ක් ඇති බැවින්, නවීන ජපන් කුසලතා අවශ්‍ය යම් රැකියාවක් සඳහා අයදුම් කිරීමට එය භාවිතා කළ හැකියි.
JPT Exam එක පවත්වනු ලබන්නේ කුමන ආයතනය හරහාද?
- JPT, Japan Executive කමිටුව විසින් පවත්වනු ලබයි.
JPT exam එක කරන්න ඉගෙන ගත යුතු Syllabus එක කුමක්ද?
- JPT Official Guidebook එකක් නික්ත් කරලා තිබෙනවා ඔබ JPT Exam එක සඳහා සූදානම් වීමට සහ ඉගෙන ගතයුතු මොනනවාද යන්න අන්තර්ගත කරමින්.
- මෙම පොත JPT Official Website එක හරහා මිලදීගත හැකියි.
විභාගය පැවැත්වෙන ආකාරය.
JPT exam එක CBT (Computer based test) එකක් විදිහටයි පැවැත්වෙන්නෙ. මෙය ලිඛිත පරීක්ෂණයක් නොවන බැවින් (JLPT වගේ නෙවෙයි) පරිගණකය බාවිත කරමින් පරිගණක තිරය ඔස්සේ MCQ ආකාරයේ බහුවරණ ප්‍රශ්ණ වලට ticks දාන්නයි තියෙන්නෙ.
ප්‍රශ්ණ පත්‍රය සඳහා කොපමණ කාලයක් ලැබෙනවාද?
- Listening Test (100 questions 45 minuets)
- Reading Test (100 questions 50 minuets)
ප්‍රශ්ණ පත්‍ර ආකෘතිය - paper structure
- JPT ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණය කොටස් 8කින් යුත් ප්‍රශ්න 200කි. මෙය සවන්දීමේ අවබෝධතා ප්‍රශ්න 100කින් සහ කියවීමේ අවබෝධතා ප්‍රශ්න 100කින් සමන්විත වේ.
විභාගයෙන් සමත් වීමට ඔබ ලබා ගත යුතු ලකුණු මට්ටම කොපමණද?
- JPT ජපන් භාෂා ප්‍රවීණතා පරීක්ෂණයෙන් අවම වශයෙන් ලකුණු 315ක් ලබා තිබිය යුතුයි.
- JPT ඇගයීම් පරීක්ෂණයේ සමත්වීම සහ අසාර්ථකත්වය තීරණය නොකරයි, ඒ වෙනුවට එය අපේක්ෂකයින්ගේ හැකියාවන් සංසන්දනය නිවැරදිව මනිනු ලැබෙයි.
- පරීක්ෂණ ප්‍රතිඵලය සාමාර්ථයක් හෝ අසාර්ථක ප්‍රතිඵලයක් වෙනුවට 10 සිට 990 දක්වා පරිමාණයෙන් ලකුණු ලෙස ඉදිරිපත් කෙරෙයි.
- (ඇහුම්කන් දීමේ අවබෝධය ලකුණු 5 සිට 495 දක්වා ද, කියවීමේ අවබෝධය ලකුණු 5 සිට 495 දක්වා පරිමාණයකින් ද ලකුණු කාණ්ඩ 5 ක වර්ධකවලින් ඉදිරිපත් කෙරෙයි.)
- ඒ අනුව ලකුණු - ඒකක 5කට වෙන් කර ඒ සමඟ ලකුණු පෙන්වනු ලැබේ.
JPT ලකුණු සහ භාෂාමය නිපුණතා හැකියාවෙ පරාසය කෙසේද?
JPT, ඉහළ ලකුණු 370 = CEFR A2 මට්ටමට සමාන වේ.
- 2020 දෙසැම්බරයේ CEFR (භාෂා සඳහා පොදු යුරෝපීය රාමුව) සමඟ සහසම්බන්ධයෙන් සිදු කරන ලද සමීක්ෂණයක දී, ජපන් භාෂාව සඳහා සම්මත මට්ටම 220 සිට 315 දක්වා ඉහළ නංවා ඇත.
- 2020 සමීක්ෂණයට අනුව, 370 (*1) ට වැඩි JPT ලකුණු CEFR A2 හෝ ඊට වැඩි අගයකට සමාන වේ.
- 250-490 ලකුණු පරාසයේ මධ්‍යය නිසා 370 ලකුණු A2 මට්ටමට සමාන වේ.
ප්‍රථිපල නිකුත් කිරීමට ගත වන කාලය කොපමණද?
- JPT (ජපන් ප්‍රවීණතා පරීක්ෂණය) exam එකට පෙනීහිඳ සති 2 කට පසු ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලබනවා.
වසරකට කීවතාවක් විභාගය පැවැත්වෙනවාද?
- JPT (ජපන් ප්‍රවීණතා පරීක්ෂණය) exam එක වසරකට 12 වතාවක් පවත්වනු ලබනවා.
- ඕනෑම වේලාවක පරීක්ෂණයෙහි යෙදිය හැකියි. විභාග අවස්ථා ඕනෑ තරම් තිබේ.
ඔබට ලැබෙන ප්‍රතිඵල ලේඛණයෙහි සත්‍යාතාවය තහවුරු කරගන්නේ කෙසේද?
JPT Question Examples බැලීම සඳහා,
JPT සඳහා පෙනී සිටිමට ලියාපදිංචි වීමට සහ අදාළ කාලසටහන් අනෙකුත් විස්තර බැලීම සඳහා JPT Official Website එක භාවිතා කරන්න.
වෙබ්සයිට් එකට යාම සඳහා: Click this...
_______________
සැ.යු. කරුණු
01. ඔබ අයදුම් කළ පසු, විභාග දිනය වෙනස් කිරීමට හෝ පරීක්ෂකයා වෙනස් කිරීමට හෝ ඔබේ ගාස්තුව ආපසු ලබාගැනීමට හෝ නොහැකියි.
02. හැඳුනුම්පත නොමැතිව ඔබට විභාගයට පෙනී සිටිය නොහැක.
(එය ජපානයේ නිකුත් කරන වලංගු ඡායාරූප හැඳුනුම්පතක් විය යුතුය.)
රියදුරු බලපත්‍රය, ශිෂ්‍ය හැඳුනුම්පත/ අත්පොත, විදේශ ගමන් බලපත්‍රය (ජපානයේ නිකුත් කළ යුතු නැත), නේවාසික ලියාපදිංචි කාඩ්පත , විදේශ නේවාසික ලියාපදිංචි කාඩ්පත, පදිංචි කාඩ්පත, විශේෂ ස්ථිර පදිංචි සහතිකය, රියදුරු වාර්තාව, කායික හෝ මානසික ආබාධ සඳහා වලංගු සහතිකයක්..etc.
0 Comments