Sri Lanka Passport Apply Online | New Update 2023 - New Passport Online Apply කරන ආකාරය | Part 01

විදේශ ගමන් බලපත්‍රය අලුතෙන් හඳුන්වා දුන් ක්‍රමය යටතේ ලබා ගන්නා ආකාරය. (Sri Lanka Passport Apply Online - 2023)




                2023 ජුනි මස 15 වෙනි දින සිට ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය ඉතාමත් විදිමත් අයුරින් Online හරහා නිවසේ සිටම අයදුම් කිරීම සඳහා ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මේ වන විට පහසුකම් සලසා ඇති බව සතුටින් දන්වා සිටිය යුතුයි. පෙර පැවති ක්‍රමයට හාත්පසින්ම වෙනස්ව වඩා කාර්යක්ෂම සහ පහසුවෙන් මෙම සේවාව හරහා ඔබට විදේශ ගමන් බලපත්‍රය ලබා ගත හැකියි.

                විදේශ ගමන් බලපත්‍රය සඳහා වන අයදුම්පත්‍රය (Online Application) පිරවීමට යාමට ප්‍රථමව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු කරුණු ගණනාවක් පිළිබඳව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කර තිබෙනවා. එම උපදෙස් සියල්ල කෙරෙහිම ඔබේ අවධානය යොමුකරන්න කියලා ආරාධනා කරනවා. අපි බලමු එහෙනම් විස්තරාත්මකව ඒ ඒ කරුණු මොනවාද යන්න පිළිබඳව;



01. අයදුම් කිරීම සඳහා වන සුදුසුකම් මොනවාද?

  • අයදුම්පත්‍රය යොමුකරන දිනය වෙද්දි අදාළ පුද්ගලයාගේ වයස අවුරුදු 15 ට වැඩි විය යුතුය.
  • වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තියෙනවනම් ඒක ඔබ ලග තිබිය යුතුයි. එසේ තිබී passport එක නැතිවුණ අයට මේ ක්‍රමයට ඉල්ලුම් කළ නොහැකියි.
  • ලංකාවෙන් පිටත වෙනත් විදේශ රටකදි උපත ලැබූ වයස අවුරුදු 22න් පසුව, පළමුවරට passport එක හදාගන්න මෙම ක්‍රමය හරහා හැකියාවක් ලැබෙන්නෙ නැත.
  • නෛතික හේතු මත අධිකරණයෙන් සංචාරක තහනමක් පනවලා තියෙනවනම් ඒ අයටත් බැහැ.
  • ත්‍රිවිධ හමුදාව හෝ රජයෙ වෙනත් බලාත්මක කිරීමේ නිළධාරින් විසින් පනවපු සංචාරක තහනමක් නොතිබිය යුතුයි.
  • රාජකාරී සහ රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර මේ ක්‍රමය අරහා ඉල්ලුම් කරන්න බැහැ. 

                    ගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දක්වලා තිබෙන මෙම නිර්ණායකයන්ට අනුකූල නොවන ඕනෑම අයෙක්ට දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයට ගොස් විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කළ හැකියි.


02. අයදුම් කිරීම සඳහා වන කොන්දේසි සහ නියමයන්.

  • විදේශ ගමන් බලපත්‍රයක් අයදුම් කිරීම සඳහා ඔබ ශ්‍රී ලංකාව තුළ පදිංචිව සිටින ලංකාවේ පුරවැසියෙක් විය යුතුයි.
  • ප්‍රථම වරට විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලුම් කරන අයෙක් නම් උප්පැන්න සහතිකයේ සහ ජාතික හැඳුනුමුපතෙහි මුල් පිටපත් ඉදිරිපත් කළ යුතුය.
  • දැනටමත් වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තියෙන කෙනෙක් නම් ඇඟිලි සලකුණු ලබා දෙන්න යන විට කාර්යාලයේ ස්ථාපිත කර ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට යන විට ඔබ සතුව ඇති විදේශ ගමන් බලපත්‍රය රැගෙන ගොස් ඉදිරිපත් කළ යුතු වෙනවා.
  • ඔබ සතුව වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබී එය නැතිවෙලා නම් අලුතෙන් විදේශ ගමන් බලපත්‍රයක් හදාගන්න අනිවාර්යෙන්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයට වාර්තා කිරීම අනිවාර්ය වේ.
  • වයස අවුරුදු 60+ වැඩි පුද්ගලයන් දැනටමත් විදේශ ගමන් බලපත්‍රය සඳහා අදාළ ඡායාරූප අරගෙන තියෙනවනම් ඒ අයට ඇගිලි සළකුණු ලබා දෙන්න යාම අවශ්‍ය වන්නෙ නැත. ඒ අයට ආදර්ශ අත්සන එකවර upload කළ හැකියි.
  • වයස අවුරුදු 15 - 60 අතර සියලුම පුද්ගලයන් ඇඟිලි සළකුණු ලබාදීම සඳහා ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ පිහිටුවා තිබෙන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකකයට හෝ පැමිණීම අනිවාර්ය වේ.



03. අයදුම් කළ යුතු ආකාරය.

01. හදිසි සේවය (Urgent service) - ගාස්තුව රු: 15000/=

         හදිසි සේවය යටතේ ඔබ අයදුම් කරනවා නම් ඇඟිලි සළකුණු ලබා දී දින 3කට පසුව ඔබේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරනවා.

02. සාමාන්‍ය සේවය (Normal Service) - ගාස්තුව රු: 5000/=

         සාමාන්‍ය සේවය යටතේ ඔබ විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කරනවා නම් ඇඟිලි සලකුණු ලබා දී දින 14කට පසුව ඔබේ විදේශ ගමන් බලපත්‍රය නිකුත් කරනවා.


(සැ.යු : රජයෙ නිවාඩු දින යෙදුන අවස්තාවන් සහ වෙනත් හේතු මතද මෙම දින ගනන් එහා මෙහා වෙන්න පුලුවන්.)

(ඒ වගේම මෙම නිකුත් කරන විදේශ ගමන් බලපත්‍ර ශ්‍රී ලංකා තැපෑල හරහා ඔබේ නිවසටම ලැබෙන්න සලස්වනවා. නැවත කුරියර් ගාස්තු ගෙවීමක් කිසිවිටෙක සිදු කළ යුතු නැත.)


04. අයදුම් කිරීම සඳහා ඉදිරිපත් කළ යුතු අත්‍යවශ්‍ය ලිපිලේඛන.

සැ.යු: විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම් කිරීමේදි පහත දැක්වෙන ලිපිලේඛණ වල පැහැදිලි Scanned copy upload කළ යුතුයි.

1. ජාතික හැඳුනුම්පත (NIC)
- දෙපසෙහිම scanned copy.

2. උප්පැන්න සහතිකය.
- දෙපසෙහිම scanned copy ( ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කරපු කොපි අවශ්‍ය නැත.)

3. ඡායාරූපයේ ලදුපතෙහි scanned copy එකක්.
- ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වුන ස්ටුඩියො එකකින් ඡායාරූප ලබා ගැනීම අනිවාර්යෙන් සිදු කළ යුතුයි.

- ඡායාරූප ලබාගෙන නැති අයට මෙය අදාළ වන්නෙ නැත. ඇඟිලි සලකුණු ලබා දීමට යන අවස්ථාවේදී ඔබට ඡායාරූපය එතනදිද ලබා ගත හැකියි. (මේ සදහා රු: 350/= ක අමතර ගාස්තුවක් ගෙවීමට සිදුවෙයි.)

4. වලංගු විදේශ ගමන් බලපත්‍රයක් තිබේ නම් එහි Bio page එකෙහි scanned copy එකක්.
(වලංගු විදේශ ගමන් බලපත්‍රය කල්ඉකුත් වීම හේතුකරගෙන අලුතෙන් විදේශ ගමන් බලපත්‍රයක් හදන අයට, වගේ හේතු සහිත අයට;)

5. Employment confirmation letter (රැකියාව සහතික කිරීමේ ලිපිය) එකෙහි scanned copy එකක්.

- රැකියාව/තනතුර පිළිබඳව විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කිරීමට අවශ්‍ය නම්  සේවා ස්ථානයෙන් රැකියාව තහවුරු කිරීම සඳහා ලබාගත් ලිපියෙහි scanned copy එකක්.

- ව්‍යාපාර කරන පුද්ගලයෙක් නම් තමන්ගෙ business registration එකෙහි scanned copy එකක්.

6. පූජ්‍ය පක්ෂය සඳහා අදාළ රාජ්‍ය ආයතනය මගින් නිකුත් කරන පූජ්‍යත්වය සනාථ කරන ලේඛනයෙහි scanned copy එකක්.

7. විවාහයෙන් පසුව  ඔබේ නමෙහි වෙනසක් සිදු කළේ නම් ඒ අදාළ ලේඛනයෙහි scanned copy එකක්. 



විශේෂයෙන් සැ.යු:

- ඉහත ලිපිලේඛන scan කිරීම සඳහා ජංගම දුරකථන භාවිතයෙන් වැලකී සිටින්න. ජංගම දුරකථන වලින් හරි ආකාරව quality scanned ලබා ගැනීමෙ හැකියාවක් නැතිවෙන්න පුලුවන්.

- අනිවාර්යෙන්ම Communication එකකට ගිහින් ස්කෑන් පිටපත් ලබාගන්න. 

- ස්කෑන් පිටපත් ලබා ගැනීමේදි අනිවාර්යෙන්ම  ඉදිරිපස (front) සහ පිටුපස (back) වෙන වෙනම ස්කෑන් කොපි ඉල්ලගන්න. ඉදිරිපස සහ පිටුපස ස්කෑන් කොපි දෙකම එකට එක ෆයිල් එකකට හදන්න එපා.

- PDF ෆයිල් ෆෝමෑට් එකක් විදිහට ස්කෑන් පිටපත් ලබා ගන්න එපා. අනිවාර්යෙන්ම ස්කෑන් පිටපත් සියල්ලම JPEG ෆෝමෑට් එකෙන් ඉල්ලගන්න.

- ස්කෑන් පිටපත් ලබාගැනීමේදී ෆයිල් සයිස් එක 5MB  ක් හෝ එයිට අඩුවෙන් තිබිය යුතුයි. එයිට වඩා ෆයාල් සයිස් එක වැඩි උනොත් ස්කෑන් කොපි අප්ලෝඩ් කරන්න බැරිවෙනවා.


05. සේවා පහසු කිරීමේ මධ්‍යස්ථාන.

ඔබට තෝරාගත හැකි සේවා පහසු කිරීමේ මධ්‍යස්ථාන.

  1. දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය.
  2. දෙපාර්තමේන්තුවෙ ප්‍රාදේශිය කාර්යාලය.
  3. ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ස්ථාපිත කර ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උපකාර්යාලයන්,
(මෙම ක්‍රමය මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාල 51 කට අනුබද්ත පු.ලි.කිරීමේ දෙපාර්තමේන්තු හරහා මෙම සේවා ලබා ගත හැකියි.)

සේවා පහසු කිරීමේ මධ්‍යස්ථානයකට යන විට ඔබ ගෙන යා යුතු දේවල් මොනවාද?

  • ඇඟිලි සලකුණු ලබා දීම සදහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමේ දැන්වීම - අනිවාර්යයි.
  • උප්පැන්න සහතිකය - අනිවාර්යයි.
  • ජාතික හැඳුනුම්පත (NIC) - අනිවාර්යයි.
  • වත්මන් විදේශ ගමන් බලපත්‍රය - (ඔබ සතුව දැනටමත් විදේශ ගමන් බලපත්‍රයක් පවතීනම් පමණයි.)

විශේෂයෙන් සැ.යු:
- අයදුම්පත ඉදිරිපත් කරන අවස්ථාවේදී "මාර්ග ගත විදේශ ගමන් බලපත්‍ර සඳහා වෙලාවක් වෙන් කිරීමේ නිවේදනයක්" ඔබේ ඊමේල් ලිපිනයට සහ ඔබ ලබාදුන් දුරකථන අංකයට SMS එකක් මාර්ගයෙන්ද අයදුම්පත් යොමු අංකය ඔබට දැනුම් දෙනවා.

- ඔබ යොමු කළ අයදුම්පත්‍රය දෙපාර්තමේන්තුව විසින් පිළිගත් වහාම ඔබ වෙත SMS එකක් ලැබෙනු ඇත. ඒ වගේම ඔබට කෙටි පනිවිඩයක් (SMS) ලැබෙන තුරු ඇගිලි සලකුණු ලබා දීම සදහා කිසිම වෙලාවක අදාළ මධ්‍යස්ථානයකට යන්න එපා.  (ඇගිලි සලකුණු ලබාදෙන්න යන්න ඔබට කෙටි පනිවිඩයකින් ලබාදෙනකල් ඉන්න කියලයි කියන්නෙ.)

ඔබ තෝරාගන්න සේවා පහසු කිරීමේ මධ්‍යාස්ථානයකින් ඔබ ලබාගත යුතු සේවාවන් මොනවාද?

  1. අයදුම්කරුගේ ඇඟිලි සලකුණු ලබාදීම.
  2. අයදුම්කරුගේ අත්සන.
  3. අයදුම්කරුගෙ ඡායාරූපයක් (අයදුම් කිරීමට පෙර ලබාගෙන නැති අය සඳහා පමණි)

6. ගෙවීම් කටයුතු සිදු කරන ආකාරය.

  • හදිසි සේවය හරහා නම් රු:15000/= ක් ගෙවිය යුතුයි. සාමාන්‍ය සේවය හරහා නම් රු:5000/= ක් ගෙවිය යුතුයි.
  • විදේශ ගමන් බලපත්‍රය සඳහා අවශ්‍ය ඡායාරූපය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ස්ථාපිත කරලා තියෙන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු ඒකක වලදි ලබා ගැනීමට අදහස් කරන්නෙ නම්, ඒ සදහා රු:350 ක ගාස්තුවක් ගෙවිය යුතුය.
  • කෙඩිට් (credit) හෝ ඩෙබිට් (debit) කාඩ්පතක් හරහා ඔන්ලයින් ගෙවීමේ ක්‍රමය භාවිතා කළ හැකියි.
  • ඔන්ලයින් හරහා ගෙවීම් සිදු නොකරන අයට pay at bank විකල්පය තෝරාගන්න. එය තේරීමෙන් පසුව ලැබෙන රිසිට්පත ඩව්න්ලෝඩ් කර මුද්‍රනය (print) කර ගත යුතුයි. එම රිසිට්පත ළඟම ඇති ලංකා බැංකු (BOC) ශාඛාවන් මගින් මුදල් ගෙවීම් සිදු කළ හැකියි.



විදේශ ගමන් බලපත්‍රය සඳහා අයදුම්පත්‍රය පුරවන ආකාරය බැලීම සඳහා මෙතැනින් පිවිසෙන්න. 

Click this...





  • ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ උදෙස් පත්‍රිකාව මෙතනින් ලබා ගන්න. Click this...

  • ඇඟිලි සළකුණු ලබා දීම සඳහා පිහිටුවා ඇති සේවා සැපයීමේ මධ්‍යස්ථාන පිළිබඳව ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ පත්‍රිකාව මෙතනින් ලබා ගන්න. Click this...







Arigatō (ありがとう)
DAISU 日本 .... ✍


අපගේ DAISU 日本 Face Book Group එකට Join වීම සඳහා, Click this...



Post a Comment

0 Comments