New Update 2023 - Sri Lanka New Passport Online Apply කරන ආකාරය | Step by Step | Part 02

විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කිරීම සඳහා අයදුම්පත්‍රය පුරවන ආකාරය | New Passport Online Apply 2023




                        අප මීට පෙර අවස්ථාවේදි කතා කරේ විදේශ ගමන් බලපත්‍රයක්, හඳුන්වා දුන් අලුත් ක්‍රමයට ලබාගැනීමේදි අනුගමනය කළ යුතු කරුණු කාරනා සහ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් ලබාදී ඇති උපදෙස් පත්‍රිකාවෙ සඳහන් වන කරුණු මොනවාද යන්න පිළිබඳවයි. 

          එම උපදෙස් පත්‍රිකාව කියවා නොමැතිව ඔබ මුලින්ම මෙම ලිපියට පැමිණෙන කෙනෙක් නම්, මෙතැනින් ගොස් එය අනිවාර්යයෙන්ම කියවන්න, 




විශේෂයෙන් සැ.යු:
  • Application එක පිරවීම සඳහා PC/Laptop උපාංගයක්ම භාවිතා කිරීම ඉතාමත්ම සුදුසුයි. (දුරකථනයෙන් පිරවීම එතරම් ප්‍රායෝගික නැත. වැරදි අඩුපාඩු සිදුවීමේ සම්බාවිතාවය වැඩි නිසා ජංගම දුරකථන උපාංග භාවිතයෙන් මෙම කාර්යය සිදු කිරීමෙන් වැළකී සිටීම වඩාත් උචිතයි යන කරුණු මතක් කළ යුතුය.)
  • අයදුම්පත්‍රය විනාඩි 45ක් ඇතුළත සම්පූර්ණයෙන්ම පුරවා අවසන් කිරීමට වගබලාගන්නා ලෙසට ආරාධනා කරනවා. මොකද විනාඩි 45ට වඩා වැඩි වේලාවක් ගන්නවා නම් ඔබව website එකෙන් automatically logout වෙන බව මතක තබා ගන්න. 
  • අවශ්‍ය ලියකියවිලි උපදෙස් පත්‍රිකාවේ සදහන් පරිදි හරි පිළිවෙලට තිබේද යන්න තහවුරු කර ගන්න. 
  • අයදුම් පත්‍රය පිරවීමේදි යම්හෝ ගැටලුවක් ඇති වුවහොත් ආගමන හා විගමන ප්‍රදාන කාර්යාලයට හෝ සේවා සැපයීමේ මධ්‍යස්ථානයකට දුරකථන ඇමතුමක් ලබා දී උපකාර ලබා ගන්න. (1962 - අමතන්න). 
  • එසේ නොමැතිනම් ජාතික තොරතුරු කේන්ද්‍රය සඳහා දුරකථන ඇමතුමක් ලබා දී ඔබට අවශ්‍ය උපදෙස් ලබා ගත හැකියි. (1919 - අමතන්න)


Online Apply කරන ආකාරය.

                පියවර කිහිපයක් ඔස්සේ අයදුම් පත්‍රය පුරවන ආකාරය සහ ඇති වන ගැටලු නිවැරදිව විසඳ ගන්න ආකාරය ගැනත් දීර්ගව සාකඡ්චා කරමු.

                 මුලින්ම පහත සඳහන් ලින්ක්‍ එක භාවිතා කර විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කිරීම සඳහා වන අයදුම් පත්‍රය පිරවීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ්අඩවියට පිවිසෙන්න.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියට යාමට: 



පියවර අංක 01

  • ඉහත ලින්ක් එක ක්ලික් කළ විට ඔබව රැඟෙන යන්නෙ ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙ නිළ වෙබ්අඩවියටයි. 
  • ඔබට වෙබ්සයිට් එකෙහි දිස්වන භාෂාව (සිහල/දමිළ/ඉංග්‍රීසි) ඉහතින් තෝරා වෙනස් කළ හැකියි.
  • ඉන් පසුව ඔබට පහත රූපයෙ සඳහන් පරිදි විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීම සඳහා යාමට අවශ්‍ය තැන ඊ සටහනකින් පෙන්වා ඇත. එය මත ක්ලික් කරන්න.

-------------------------------------------------------------------------------------------------

  • මේ විදිහට application form එක පුරවන්න අදාළ කොටස පෙන්වනවා. 
  • For oversees applicants කියන්නෙ ඔබ ලංකාවෙන් පිට වෙනත් රටක ඉදන් ඉල්ලුම් කරනවනම්.
  • For local applicants  කියන්නෙ ලංකාවෙ ඉදන් අයදුම් කරන එකට. අපි තෝරගන්න ඕනෙ මේ section එක. ඒ මත ක්ලික් කරන්න.


-------------------------------------------------------------------------------------------------

  • ඉන්පසුව දිස්වන පිටුවෙන් New Passport කියන option එක තෝරන්න.


-------------------------------------------------------------------------------------------------


  • ඔබට Passport application එක සම්පූර්ණ කරන්න අවශ්‍ය Instructions form එකක් popup වෙයි. එය හොඳනි කියවන්න.
  • ඉන් පසුව I agree to the terms and conditions කියන තැන කුඩා කොටුවට tick එකක් දාන්න.
  • ඉන්පසුව continue මත click කරන්න.


-------------------------------------------------------------------------------------------------

User verification using OTP කියලා page එකක් Open වෙයි.

මෙතනදි ඔබ මුලින්ම මෙහි Register විය යුතුයි. ඒ සඳහා register කියන button එක මත click කරන්න.




-------------------------------------------------------------------------------------------------

  • Register වෙන්න අවශ්‍ය තොරතුරු ඇතුළත් කරන්න පෝරමයක් එයි.
  1. මුල් නම ලබාදෙන්න.
  2. නමේ ඉතිරි කොටස් සියල්ලම ලබා දෙන්න.
  3. ඔබ මේ වන විට ඔබ භාවිතා කරන ඊමේල් ලිපිනය ඇතුළත් කරන්න.
  4. එම ඊමේල් ලිපිනයම නැවත ඇතුළත් කරන්න.
  5. ඔබ දැන් භාවිතා කරන දුරකථන අංකය ඇතුළත් කරන්න.

ඉන් පසුව submit කියන button එක මත click කරන්න.


-------------------------------------------------------------------------------------------------

  • Verify Your account කියන එක යටතේ ඔබෙන් OTP code එකක් ඉල්ලයි.
  • ඔබ ලබා දුන් දුරකථන අංකයට code එකක් (අංක කිහිපයක password එකක්) එවලා ඇති. දැන් ඒ අංක කිහිපය මෙයට ඇතුළත් කර submit කියන තැන click කරන්න.


-------------------------------------------------------------------------------------------------

  • Success කියලා notification එකක් popup වෙයි. Continue දෙන්න.


-------------------------------------------------------------------------------------------------

  • නැවතත් ඔබව user verification using OTP කියන page එකට රැගෙන යාවි.
  • එතනදි නැවත ඔබ register වෙද්දි ලබා දුන්න දුරකථන අංකය ලබාදෙන්න. 
  • Send OTP යනුවෙන් දිස්වන button එක මත click කරන්න.



-------------------------------------------------------------------------------------------------

  • එවිට නැවතත් ඔබේ දුරකථන අංකයට මුරපදයක් එවයි (අංක කිහිපයක්).
  • එය පහතින් දිස් වන OTP කියන තැනට ඇතුළත් කර click කරන්න.



-------------------------------------------------------------------------------------------------
  • පසුව ඔබට විනාඩි 45ක කාලයක්, වේලාව අඩුවන ආකරයට timing පෙන්වයි. 
  • මුලින්ම මතක්කරා වගේම මෙතනදි කියන්නෙ ඔබට මෙම පෝරමය පුරවා අවසන් කරන්න ලැබෙන්නෙ විනාඩි 45ක කාලයක් බවයි.
  • ඒ විනාඩි 45 ඇතුළත පුරවලා ඉවර කරන්න බැරි උනොත් ඔබව automatically website එකෙන් logout වෙනවා. 
  • එනිසා කාලය හරි ආකාරව කළමනාකරනය කරගන්න. (එහෙම බැරිවුනොත් ආපහු මුල ඉදන් ඇප්ලිකේෂන් එක පුරවගෙන යන්න වෙනවා.)


පියවර අංක 02


    • මෙම පියවරේදී ඔබ විදේශ ගමන් බලපත්‍රය ලබාගන්නෙ, හදිසි සේවයෙන්ද? සාමාන්‍ය සේවයෙන්ද යන්න තේරිය යුතුයි.

    • Urgent Service (හදිසි සේවය) හරහා ඔබ සේවය ලබාගන්නේ නම් ඒ මත click කරන්න. හදිසි සේවය හරහා ඔබ අයදුම් කරනවා නම් රු:15000/= මුදලක් ගෙවිය යුතුයි. දින තුනකින් පසුව විදේශ ගමන් බලපත්‍රය ඔබට හිමිවෙයි. 
    • Normal Service (සාමාන්‍ය සේවය) හරහා ඔබ සේවය ලබා ගන්නෙ නම් ඒ මත click කරන්න. සාමාන්‍ය සේවය හරහා ඔබ අයදුම් කරනවා නම් රු:5000/= ගාස්තුවක් ගෙවිය යුතුය. දින 14කින් පසුව ඔබේ විදේශ ගමන් බලපත්‍රය හිමි වෙයි.


    -------------------------------------------------------------------------------------------------

    • ඔබට අවශ්‍ය සේවාව තේරීමෙන් පසුව,
    1. ජාතික හැඳුනුම්පත් අංකය.
    2. උපන්දිනය.
    3. ස්ත්‍රී/පුරුෂ භාවය.
                               යනාදින ඇතුළත් කරන්න.

    • Verify මත click කරන්න.



    පියවර අංක 03

    මෙම පියවරේදි ඔබට තෝරා ගැනීමට විකල්ප (Options) දෙකක් තිබෙනවා.


    පළමු විකල්පය (01)

    • ඔබ විදේශ ගමන් බලපත්‍රය සදහා අයදුම් කිරීමට පෙර ස්ටුඩියො එකකින් ඡායාරූපයක් ලබාගෙන රිසිට්පත ඔබ ලග තිබේනම්  No, I have already taken a photo යන button එක මත click කරන්න.


    -------------------------------------------------------------------------------------------------


    • Photo studio Information  යටතේ දැක්වෙන කුඩා කොටු දෙක තුළට ඔබ ස්ටුඩියො එකෙන් ඡායාරූපය ලබාගැනීමෙන් පසුව ඔබට ලැබුණු රිසිට්පතේ reference no යනුවෙන් සඳහන් කර ඇති අංක කිහිපය මෙහි සඳහන් කරන්න.
    • ඉන් පසුව load my photo යන්න මත click කරන්න.



    -------------------------------------------------------------------------------------------------

    • ඔබෙ ඡායාරූපය සහ අනෙකුත් තොරතුරු preview වනු දැක ගත හැකියි. 
    • එය පරීක්ෂා කිරීමෙන් පසුව Fill Application යන්න මත Click කරන්න.


    -------------------------------------------------------------------------------------------------


    දෙවන විකල්පය (02)

    • ඔබ මෙම අවස්ථාව වන තෙක්ම (අයදුම්පත්‍රය පිරවීමට එන්න කලින්) ස්ටුඩියො එකකින් ඡායාරූපයක් ලබාගෙන නොමැතිනම් Yes, I Need to take a photo යන button එක මත Click කරන්න. 
    • මෙය තේරීමෙන්, ඔබ ඇඟිලි සලකුණු ලබාදීමට සේවා සැපයීමෙ ම‍ධ්‍යස්ථානයෙහි පුද්ගලයින් ලියාපදිංචි කිරීමෙ කාර්යාංශයෙහිදි ඔබට ඡායාරූපය ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා ඇත. (මේ සඳහා රු:350ක අමතර මුදලක් අය කෙරේ)



    පියවර අංක 04

    මෙම පියවර වඩාත් අවධානයෙන් සිදු කළ යුතුයි. අප දැන් අයදුම් පත්‍රය පිරවීමටයි යන්නෙ. 

    • අයදුම් පත්‍රය ඉංග්‍රීසි භාෂාවෙන් නිවැරදිව පිරවිය යුතුය. 
    • අයදුම් පත්‍රය හොඳන් කියවා නිවැරදිව සම්පූර්ණ කිරීමට වග බලා ගන්න.




    1. ඔබ විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කරන්නෙ හදිසි සේවය ඔස්සේද සාමාන්‍ය සේවය ඔස්සේද යන්න තෝරන්න. (පෙර එය තෝරා ඇති නිසා මෙතනදි එය automatically තේරිලා ඇති)

    2. මෙහිදී All Countries යන option එක ලබා දෙන්න. (මෙයින් කියවෙන්නෙ ඕනෑම රටකට යාමට හැකි වන ගමන් බලපත්‍රයක් යනුවෙනි.)

    3. මිට පෙර විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබේනම් පමණක් සම්පූර්ණ කරන්න.

    4. NMRP යනුවෙන් සඳහන් වන්නේ, ඔබ විදේශ රටක ඉන්නකොට ඔබේ විදේශ ගමන් බලපත්‍රය නැතිවුනොත් නැවත ලංකාවට පැමිනීමට සහ නැවත විදේශ ගමන් බලපත්‍රයක් හදාගන්නකල් ඒ වෙනුවට භාවිත කළ හැකි තාවකාලික විදේශ ගමන් බලපත්‍ර අංකයට. (තිබේ නම් පමණයි)


    -------------------------------------------------------------------------------------------------




    5. ඔබේ ජාතික හැදුනුම්පතෙහි අංකය ලබා දෙන්න.

    6. උප්පැන්න සහතිකයේ තිබෙන පරිදි ඔබේ නමෙහි වාසගම ඇතුලත් කරන්න.

    7. උප්පැන්න සහතිකයෙ සඳහන් පරිදි නමෙහි වාසගම හැර අනෙකුත් සියලුම නම් කොටස් ටික ඇතුළත් කරන්න.

    8.1 ඔබේ ලිපිනය ඇතුළත් කරන්න.

    8.2 ලිපිනය සදහන් කිරීමට ඉහළින් තිබෙන කොටු ප්‍රමාණවත් නොවේනම් පමණක් මෙම කොටස භාවිතයට ගන්න.

    8.3 ලිපිනයට අදාළ නගරය ඇතුළත් කරන්න.

    8.4 දිස්ත්‍රික්කය තෝරන්න.

    9. ඔබේ උපන්දිනය ඇතුළත් කරන්න.


    -------------------------------------------------------------------------------------------------





    10. උප්පැන්න සහතිකයේ අංකය ලබා දෙන්න.

    - District යනුවෙන් සඳහන් තැනට උප්පැන්න සහතිකයේ සඳහන් දිස්ත්‍රික්කය ලබා දෙන්න.

    11. උපන් ස්ථානය ලබා දෙන්න. මෙහිදි අදාළ නගරය ඇතුළත් කරන්න. (මහනුවර මහ රෝහල නම් - මහනුවර ලෙස, නිකවැරටිය රෝහල නම් - නිකවැරටිය ලෙස ලබා දෙන්න.)

    12. ස්ත්‍රී/පුරුෂ භාවය tick එකක් යොදා තෝරන්න.

    13. ඔබට විදේශ ගමන් බලපත්‍රයට  රැකියාව ඇතුළත් කිරීමට අවශ්‍ය නම්  employed යනුවෙන් තෝරන්න. 

    ඉන් පසුව පහතින් එන කොටුවෙහි පැහැදිලිව ඔබේ තනතුර ඇතුළත් කරන්න. 

    මෙතනදි ඔබ තනතුර ඇතුළත් කරාට මදි අනිවාර්යෙන්ම මේ දේ තහවුරු කරන්න රැකියා ස්ථානයෙ සහතික කළ ලිපියක් අවශ්‍යයි. එසේ ඔප්පු කළ නොහැකිනම් ඔබ තනතුරක් මෙහි සඳහන් කළත් එය විදේශ ගමන් බලපත්‍රයට ඇතුළත් කරන්නෙ නැත.

    ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ ව්‍යාපාර රෙජිස්ටර් කරන ලද සහතිකයක් තිබිය යුතුයි. 

    - ඔබට රැකියාව පිළිබඳව ඇතුළත් කිරීමට අවශ්‍ය වන්නෙ නැතිනම් unemployed යනුවෙන් ලබා දෙන්න.


    14. ඔබ ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙක්නම් පමණක් මෙම කොටස පුරවන්න.

    15. ඔබ භාවිතා කරන දුරකථන අංකය ලබා දෙන්න.

    16. ඔබ භාවිතා කරන e-mail ලිපිනය ලබා දෙන්න.





    -------------------------------------------------------------------------------------------------





    ද්‍විත්ව පුරවැසිභාවය හිමි අයවලුන් සඳහා පමණක් අදාළ වේ.

    17. Nationality එක තෝරන්න.

    18. පුරවැසිභාවය හිමි විදේශ රටෙහි, විදේශ ගමන් බලපත්‍රයෙහි අංකය ඇතුළත් කරන්න.


    -------------------------------------------------------------------------------------------------









    මෙම පියවරෙහිදී අප කළ යුතු වන්නෙ අප සතුව පවතින අදාළ ලිපි ලේඛන වල copies උඩුගත කරන එකයි. 

    • ජාතික හැඳුනුම්පතෙහි ඉදිරිපස සහ පිටුපස 
    • උප්පැන්න සහතිකයෙ ඉදිරිපස සහ පිටුපස
    • විවාහයෙන් පසුව නම වෙනස් කරනවා නම් ඒ සඳහා වල පිලි ලේඛන
    • රැකියාව සඳහන් කිරීම සදහා තහවුරු කිරීමට අවශ්‍ය ආයතනික ලිපිය.
    • ව්‍යාපාරයක් කරන පුද්ගලයෙක්නම් අදාල ව්‍යාපාර රෙජිස්ට්‍රේෂන් එක.
    • ද්විත්ව පුරවැසිභාවය හිමි අයවලුන් නම් ඒ අදාල ලිපි ලේඛන.

    මේ ආදී සියල්ලම නිවැරදිව අවධානයෙන් පරීක්ෂා කරමින් උඩුගත කරන්න.




    පියවර අංක 05

    Application එක Submit කරාට පස්සෙ ඔබට Options දෙකක් popup වෙනවා බලාගන්න පුලුවන්.

    • No, proceed without downloading application (මෙය තේරුවොත් ඔබ සම්පූර්ණ කරන ලද application එකෙහි PDF copy එක ඔබට හිමි වන්නෙ නැහැ.
    • Yes, Downloaded application (මෙය තේරුවහොත් ඔබ පුරවන ලද application එකෙහි PDF copy එකක් ලබාගත හැකියි.



    -------------------------------------------------------------------------------------------------

    • මෙහිදී අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරපු application එකේ PDF copy එක අනිවාර්යෙන්ම Download කර පරිස්සම් සහිතව ඔබ සන්තකයේ තබා ගන්නා ලෙස විශේෂයෙන්ම දැනුවත් කරනවා.




    පියවර අංක 06

    මෙම පියවරේදි අප සිදු කළ යුතු වන්නෙ, ඇඟිලි සළකුණු ලබා දීම සඳහා සේවා සැපයීමේ මධ්‍යස්තානයක් සහ දිනයක් - වේලාවක් වෙන් කර ගැනීමයි.

    • මුලින්ම කළ යුතු වන්නෙ අවශ්‍ය සේවා මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශය තෝරා ගැනීමයි. 
    • ඔබට සේවා පහසු කිරීමේ මධ්‍යස්ථාන 51ක් දිවයින පුරාම පිහිටි ප්‍රාදේශිය ලේකම් කාර්යාල වල පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කාර්යාංශයෙ පිහිටුවා ඇත. ඔබට අදාළ සේවා කාර්යාංශය මෙතැනින් බලන්න. Click this...



    • ගැටලුවක් සඳහා විසඳුම් - ඔබ පදිංචිව සිටින ප්‍රදේශයෙන් පිටත ප්‍රදේශයක මේ වන විට ඉන්නවා නම් ඔබට ඒ ආසන්නව තිබෙන සේවා සැපයීමේ මධ්‍යස්තානයක් තෝරා ගැනීමේ හැකියාව තිබෙනවා.  (බදුල්ල ප්‍රදේශයෙ පුද්ගලයෙක් රැකියාව සඳහා කොළඹ දිස්ත්‍රික්කයට පැමින රැඳී ඉන්නවා නම් ඒ අය ආපහු බදුල්ලට අදාල සේවා මධ්‍යස්තානයටම යන්න අවශ්‍ය වෙන්නෙ නෑ ඔබට මෙය කොළඹ දිස්ත්‍රික්කයෙ පිහිටි සේවා සැපයීමෙ මධ්‍යස්ථානයකින් සිදු කළ හැකියි.)

    -------------------------------------------------------------------------------------------------

    • ඔබට අවශ්‍ය සේවා මධ්‍යස්ථානය තෝරා ගැනීමෙන් පසුව, ඔබේ ඇඟිලි සලකුනු ලබා දීම සඳහා මධ්‍යස්ථානයට යාමට දිනයක් තෝරා ගත යුතුයි.
    • මෙහි දින සටහන් දර්ශකයේ තද කළු පැහැයෙන් දිස් වන දිනයන් පමණක් ඔබට තෝරා ගත හැකියි.



    • ඉන් පසුව appointment එක ok කරන්න


    පියවර අංක 07

    අවසාන පියවර වශයෙන් විදේශ ගමන් බලපත්‍රය අයදුම් කිරීම සඳහා මුදල් ගෙවීම සිදු කිරීමයි තිබෙන්නෙ. ඒ සඳහාත් ඔබට Options දෙකක් ලබලා දී තිබෙනවා.

    පළමු ක්‍රමය 
    • Online payment option එක හරහා ඔබට ඔබේ ක්‍රෙඩිට්/ඩෙබිට් ආදි බැංකු කාඩ් පත් භාවිතා කරමින් එවෙලේම මුදල් ගෙවීම සිදු කළ හැකියි.
    • ඉන් පසුව ගෙවීම් සිදුකළ පසුව ලැබෙන රිසිට්පත ඔබ ලග ආරක්ෂිතව තබා ගන්න.



    -------------------------------------------------------------------------------------------------

    දෙවන ක්‍රමය

    • ඔබට මුදල් ගෙවීම ළඟම පිහිටා ඇති ලංකා බැංකුව (BOC bank) හරහා සිදු කළ හැකියි.
    • ඒ සඳහා Download bank details ලෙස සඳහන් button එක මත Click කරන්න. ඔබට ගෙවීම් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය slip පත Download වෙයි. එය print කර ලංකා බැංකු ශාඛාවට ගොස් ඔබේ ගෙවීම් කටයුතු සිදු කරන්න.










    • ලංකා බැංකුව හරහා ගෙවීම් කටයුතු සිදුකිරීමෙන් පසුව නැවත ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියට පිවිසෙන්න.
    • Make payment ලෙස සඳහන් button එක මත Click කරන්න.



    • නැවත දුරකතන අංකය ලබා දී දු.අංකය වෙත OTP code එක ලබාගෙන, එය ඇතුලත් කර පිවිසෙන්න.



    • එවිට ඔබේ ගෙවීම් කටයුත්ත හරි ආකාරව සිදු වී ඇත්ද යන්න නිශ්චිතව තහවුරු කර ගත හැකියි.
    • payment status යටතේ Done යනුවෙන් දිස් වේ නම් ඔබේ ගෙවීම සාර්තකව සිදු වී ඇත. එසේ නොපෙන්වන්නේ නම් pay යටතේ ඇසක සලකුන මත click කරන්න.




    විදේශ ගමන් බලපත්‍රය ඉල්ලුම් කිරීම
     සඳහා අවශ්‍ය සියලුම කටයුතු සම්පූර්ණයෙන්ම නිම කරලා අවසන්.





    සේවා සැපයීම් මධ්‍යස්තානයට යාම සඳහා වෙන් කරගත් දිනය වෙනස් කර ගැනීමේ අවශ්‍යතාවයක් උවහොත් පහත පියවර අනුගමනය කරන්න.


    • ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිළ වෙබ් අඩවියට පිවිසෙන්න.
    • Change appointment ලෙස සඳහන button එක මත click කරන්න.
    • පසුව දුරකතන අංකය ලබා දී OTP code එක ලබා දී පිවිසෙන්න.


    -------------------------------------------------------------------------------------------------

    • PIN : මෙසේ සිදු කළ හැක්කේ තුන් පාරක් පමණයි.
    • View යනුවෙන් දිස් වන තැන click කරන්න. නැතිනම් change appointment යනුවෙන්‍ තෝරන්න.



    -------------------------------------------------------------------------------------------------


    • ඔබට සේවය ලබා ගත යුතු සේවා සැපයීමේ මධ්‍යස්ථානයට අදාළ ප්‍රදේශය තෝරන්න.



    -------------------------------------------------------------------------------------------------

    • තද කළු පැහැයෙන් දිස් වන, ඔබට පහසු දිනය තෝරාගෙන ඒ මත click කරන්න.


    -------------------------------------------------------------------------------------------------


    • Appointment එක conform කරන්න.









    Arigatō (ありがとう)
    DAISU 日本 .... ✍


    අපගේ DAISU 日本 Face Book Group එකට Join වීම සඳහා, Click this...

    Post a Comment

    0 Comments